ලලිත් චාමින්ද –
බිමත්ව ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අහංගම නගරයේ දි ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්බැව් අහංගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය ජාතික විදේශිකයෙකි. මෙම විදේශිය ජාතිකයා කොරෝනා වසංගතයට පෙර මෙරටට පැමිණ ඇති අතර ඔහු නතර වි සිටින හෝටලයට බිමත්ව ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර විදේශිකයා පොලිසියට රැගෙනවිත් බැලුනයක් පිම්බිමට දි ඇති අතර එම පරික්ෂණයේ දී මොහු මත්පැන් පානය කොට සිට ඇති බව අනාවරණය වි ඇත.
සැකකරු පොලිස් ඇපමත මුදාහැර මෙම මස 11 වැනිදින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අහංගම පොලිස් ස්ථානාධිපති මංජුල ද සිල්වා ගේ උපදෙස් මත පො කො 84356 අබේසුන්දර, 89508 විස්වි, යන නිලධාරින් සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගනු ලැබිය.







