දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් ප්‍රධානියා ඇතුලු හතර දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය 7 දා තීරණය කොට තිබේ.
මේ තීරණයෙන් පසුව එම සිසුන්ට එරෙහිව විනය කමිටුව විසින් විනය පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බව දැණුම් දී ඇති අතර ඔවුන් හතර දෙනාව නේවාසිකාගාරවලින්ද ඉවත් කොට තිබේ.
මේ දිනවල යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙලේ චිත්‍රපට කීපයක් යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශාලාවේදී පැවැත්වෙන අතර ඊට සහභාගී වූ මේ හතර දෙනා එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරී චිත්‍රපට උළෙල කඩා කප්පල් කිරීමට උත්සහ කිරීම ඔවුන්ට නැගී ඇති ප්‍රධාන චෝදනාව වෙයි.
මේ අවස්ථාවේදී එම සිසුන් හතර දෙනාම අධික ලෙස මත්පැන් පානය කොට සිටි අතර කලහකාරී ලෙස හැසිරීම මැඩ පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් හා චිත්‍රපට උළෙලේ සංවිධායකයින් පියවර ගත් අවස්ථාවේදී සිසුන් විසින් ඔවුන්ට පහර දුන් බවටද චෝදනා එල්ල වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස යාපනය විශ්ව විද්‍යාලයේ විනය කමිටුවේ තිදෙනෙකු හා තවත් දෙදෙනෙකුගෙන් සමන්විත පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කොට ඇති අතර එම කමිටුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.







