අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන ගණන් නීති විරෝධී ගෙවීම්… ලංවිම හැසිරෙන්නේ රාජ්‍යයට අයත් ආයතනයක් නොවන ලෙසයි … කෝප් කමිටුව කියයි!

by editor
ජූනි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් බලාපොරොත්තු වන ආදායම ඉක්මවන බව කෝප් කමිටුවට අනාවරණය වී තිබේ. කෝප් කමිටු සභාපතිවරයා අද පෙන්වා දුනනේ මේ ආයතනය ක්‍රියා කර ඇති ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍යයට අයත් නැති ආයතනයක  ස්වරූපයක් පෙන්වන බවය.

එසේම 2008 නොවැම්බර් 14 දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ 2009 මැයි 26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමතිය මත කාර්ය මණ්ඩලයට වරින්වර විවිධ කාර්ය මණ්ඩල දීමනා ගෙවීම පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානයට ලක් වී තිබේ

මෙම දීමනා ලෙස  2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව කමිටුව අනාවරණය කරයි.

එසේම දීමනා ගෙවීම් සඳහා යොදාගෙන ඇති ඇතැම් කාණ්ඩ විහිලු සහගත බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස ‘මනු කියවීමට’ අමතරව ‘නිවැරිදිව මනු කියවීම’ ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තවද වැටුප් සංශෝධනය කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුණ විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය   දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුනනේ මේ වන විට මෙම බදු ගෙවීම නවත්වා ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය රට පැත්තෙන් විශාල ප්‍රශ්නයක් බවයි. අවසානයේ මෙම මුදල රටේ මහජනතාවගේ මුදල් වලින් ගෙවා ඇති බව මින් පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දන්නේය.

එසේම කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව 2021 වර්ෂයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් සේවක වැටුප 25% කින් වැඩි කර තිබුණි. නමුත් අදාළ පාර්ශවයන්, සේවා යෝජකයින් සහ සේවක සංගම් විසින් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව මෙහිදී අනාවරණය විය.

මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.

තවද 2018 – 2034 දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුව සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය 2022 වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ද මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ රුපියල් මිලියන 301.19 ක වියදමක් දරා තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශක්‍යතා අධ්‍යනයට මිලියන 301.19 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යනයක් සිදුකකොට සුදුසු ශක්‍යතා මට්ටමක නොපවතින බව දක්වමින් ව්‍යාපෘතිය අතරමග අවසන් කිරීම සිදු කොට ඇති බව මේ අනුව පෙනී යන බවයි. මේ නිසා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.

මීට අමතරව ලංකා ගල් අඟුරු සමාගම (LCC) හරහා සීමාසහිත ටොරියන් යකඩ හා වානේ සමාගම (TISCL) වෙතින් 2013 වර්ෂයේ දී මිළ දී ගත් ගල් අඟුරු තොගයක් වාරකන් බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකි වීම පිළිබඳව ද,  දිගුකාලීන ජනන සැලැස්මට අනුව සැලසුම් කර ඇති වාර්ෂික නව විදුලි ජනනය විවිධ බලාගාරවලින් සහ විවිධ බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට සිදු වී ඇත.

මෙම කාරක සභාව සඳහා   මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   මහින්දානන්ද අලුත්ගමගේ,   රෝහිත අබේගුණවර්ධන,  ඉන්දික අනුරුද්ධ,  ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය)  හර්ෂ ද සිල්වා, (ආචාර්ය)   නාලක ගොඩහේවා,   ජගත් පුෂ්පකුමාර,   නලීන් බණ්ඩාර,   ප්‍රේම්නාත් සී දොලවත්ත සහ  මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව කරන්න යන නවතම තාක්ෂණික විප්ලවය

Next Post

ඉන්දියාව වියට්නාමය සයිබර් ආරක්ෂාව තර කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.