fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන ගණන් නීති විරෝධී ගෙවීම්… ලංවිම හැසිරෙන්නේ රාජ්‍යයට අයත් ආයතනයක් නොවන ලෙසයි … කෝප් කමිටුව කියයි!

1 සතියක් ago
in පුවත්
543 5
0
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් බලාපොරොත්තු වන ආදායම ඉක්මවන බව කෝප් කමිටුවට අනාවරණය වී තිබේ. කෝප් කමිටු සභාපතිවරයා අද පෙන්වා දුනනේ මේ ආයතනය ක්‍රියා කර ඇති ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍යයට අයත් නැති ආයතනයක  ස්වරූපයක් පෙන්වන බවය.

එසේම 2008 නොවැම්බර් 14 දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ 2009 මැයි 26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමතිය මත කාර්ය මණ්ඩලයට වරින්වර විවිධ කාර්ය මණ්ඩල දීමනා ගෙවීම පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානයට ලක් වී තිබේ

මෙම දීමනා ලෙස  2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව කමිටුව අනාවරණය කරයි.

එසේම දීමනා ගෙවීම් සඳහා යොදාගෙන ඇති ඇතැම් කාණ්ඩ විහිලු සහගත බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස ‘මනු කියවීමට’ අමතරව ‘නිවැරිදිව මනු කියවීම’ ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තවද වැටුප් සංශෝධනය කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුණ විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය   දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුනනේ මේ වන විට මෙම බදු ගෙවීම නවත්වා ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය රට පැත්තෙන් විශාල ප්‍රශ්නයක් බවයි. අවසානයේ මෙම මුදල රටේ මහජනතාවගේ මුදල් වලින් ගෙවා ඇති බව මින් පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දන්නේය.

එසේම කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව 2021 වර්ෂයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් සේවක වැටුප 25% කින් වැඩි කර තිබුණි. නමුත් අදාළ පාර්ශවයන්, සේවා යෝජකයින් සහ සේවක සංගම් විසින් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව මෙහිදී අනාවරණය විය.

මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.

තවද 2018 – 2034 දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුව සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය 2022 වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ද මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ රුපියල් මිලියන 301.19 ක වියදමක් දරා තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශක්‍යතා අධ්‍යනයට මිලියන 301.19 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යනයක් සිදුකකොට සුදුසු ශක්‍යතා මට්ටමක නොපවතින බව දක්වමින් ව්‍යාපෘතිය අතරමග අවසන් කිරීම සිදු කොට ඇති බව මේ අනුව පෙනී යන බවයි. මේ නිසා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.

මීට අමතරව ලංකා ගල් අඟුරු සමාගම (LCC) හරහා සීමාසහිත ටොරියන් යකඩ හා වානේ සමාගම (TISCL) වෙතින් 2013 වර්ෂයේ දී මිළ දී ගත් ගල් අඟුරු තොගයක් වාරකන් බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකි වීම පිළිබඳව ද,  දිගුකාලීන ජනන සැලැස්මට අනුව සැලසුම් කර ඇති වාර්ෂික නව විදුලි ජනනය විවිධ බලාගාරවලින් සහ විවිධ බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට සිදු වී ඇත.

මෙම කාරක සභාව සඳහා   මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   මහින්දානන්ද අලුත්ගමගේ,   රෝහිත අබේගුණවර්ධන,  ඉන්දික අනුරුද්ධ,  ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය)  හර්ෂ ද සිල්වා, (ආචාර්ය)   නාලක ගොඩහේවා,   ජගත් පුෂ්පකුමාර,   නලීන් බණ්ඩාර,   ප්‍රේම්නාත් සී දොලවත්ත සහ  මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

 

 

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

ඉන්දියාව කරන්න යන නවතම තාක්ෂණික විප්ලවය

Next Post

ඉන්දියාව වියට්නාමය සයිබර් ආරක්ෂාව තර කරයි

Related Posts

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

ජූලි 1, 2022

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

ජූලි 1, 2022

වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…
  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…
  • ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

ජනප්‍රිය පුවත්

  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

    250 shares
    Share 100 Tweet 63
  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

    216 shares
    Share 86 Tweet 54
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    209 shares
    Share 84 Tweet 52
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

    205 shares
    Share 82 Tweet 51
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

    208 shares
    Share 83 Tweet 52
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

    203 shares
    Share 81 Tweet 51

Highlights

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

මාසෙකට 7500ක පඩියක් අරන් ජීවත් වෙන්න නොමැරී මැරෙන මිනිස්සු….

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නොසන්සුන් – දුම්රිය ස්ථානාධිපතිවරු නිවේදනය කරති!

කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

by editor
ජූලි 1, 2022
0

මනම්පිටිය නිමල් ජයරත්න - වැලිකන්ද කන්දකාඩු...

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

by editor
ජූලි 1, 2022
0

තමන්වහන්සේලා අවස්ථා කීපයකදී  ඉදිරිපත් කළ යෝජනා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist