අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් තෝරා දුන් පාරෙන් ඡන්ද කරන්නට පොහොට්ටුව මගහැර ස්වාධීන වන ගාල්ලේ පොහොට්ටුවෝ….

ඡන්දයට එන්නත් ඕන.. මිනිස්සුන්ගෙන් ගුටි නොකා ඉන්නත් ඕන... ගාල්ලෙ විතරක් නෙමෙයි... රටේම තත්ත්වය මෙහෙමයි....

by editor
ජනවාරි 26, 2023
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරණු ලැබු පළාත් පාලන ආයතන ගණනාවක සභාපතිවරු හා මන්ත්‍රිවරු පොහොට්ටුවෙන් තරග නොකර ස්වාධිනව හා වෙනත් පක්ෂවලින් තරග බිමට පිවිස සිටිති.

යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ සභාපති යු.ජි පියදාස ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 06 දෙනෙකු මෙවර ස්වාධින කණ්ඩායමක් ලෙස යක්කලමුල්ල ප්‍රාදේශිය සභාව සඳහා තරග වදිති. ශ්‍රි ලංකා පොදුජනපෙරමුණේ වත්මන් නායකත්වය යටතේ පොහොට්ටුවට දේශපාලන අනාගතයක් නොමැති බවත් දුෂණ විරෝධි කණ්ඩායමක් හැටියට තම කණ්ඩායම තරග වදින බව යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පවසයි.

එමෙන්ම පොහොට්ටුව නියෝජනය කළ ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඕ.ඒ සිසිර මෙවර මැතිවරණයට ඉදිරිපත් වි ඇත්තේ සමගි ජනබලවේගයෙනි.

මේ අතර අක්මිමන ප්‍රාදේශිය සභාවේ සභාපති සේන කළහේවත්ත ඇතුළු මන්ත්‍රිවරු 07 දෙනෙකු මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි නැත. පොහොට්ටුවේ ඇතැම් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පවසා ඇත්තේ තමන්ට පොහොට්ටුවෙන් ඉදිරිපත් වි මැතිවරණ කටයුතු සදහා නිවෙස්වලට යාමට නොහැකි බවය.

මේ අතර අක්මිමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් මැතිවරණය සදහා කොට්ඨාසයකින් ඉදිරිපත් වි නොමැති අතර සමගාමි ලැයිස්තුවෙන් ඉදිරිපත් වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ ඇතුළු මන්ත්‍රිවරු 12 දෙනෙකු මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි ඇත්තේ වි කරල ලකුණෙනි. පොහොට්ටුවෙන් හබරාදුව ප්‍රාදේශිය සභාව සදහා කණ්ඩායමක් ඉදිරිපත් කොට නොමැති අතර ඔවුන් පොහොට්ටුව මගහැර ස්වාධින හා වෙනත් පක්ෂවලින් තරග බිමට පිවිස ඇත.

එමෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගාල්ල මහනගරාධිපති ප්‍රියන්තසහබන්දු ඇතුළු නාගරික මන්ත්‍රිවරු 07 දෙනෙකු මෙවර ගාල්ල මහනගර සභාව සදහා එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දි ඇත.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන එම්.එස්.ඒ රත්නපාල, සුසන්ත කරුණාරත්න, පාලිත බමුණුකුල, සුගත් ද සිල්වා, නිහාල්මහවිතාන, , එම්.ඊයාස්, යන මන්ත්‍රිවරු හා මාලා මංගලිකා මන්ත්‍රිවරිය එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දි ඇත. ගාල්ල මහනගර සභාව සදහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රිවරු 13 දෙනෙකු තේරිපත්වුහ. එම මන්ත්‍රිවරු අතුරින් කැළුම සෙනෙවිරත්න හා පරාක්‍රම දහනායක මහත්වරු මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වි නොමැති අතර චන්දනලාල් මන්ත්‍රිවරයා සමගිජන බලවේගයෙන් සහ ශ්‍රියාණි අබේගුණසේකර මන්ත්‍රිවරිය ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් තරග වදිති.

පොහොට්ටුවෙන් ඉදිරිපත් නොවි ස්වාධිනව හා වෙනත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන පොහොට්ටුවේ සභාපතිවරුන්ට හා මන්ත්‍රිවරුන්ට පක්ෂය හා ලකුණ තෝරා දි ඇත්තේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂකාර්යාලයෙන් බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර හම්බන්තොට හා තංගල්ල නගර සභාවන් සදහා ද මෙවර පොහොට්ටුව ඉදිරිපත් වි ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් නොව වෙනත් පක්ෂ සමග එකාබද්ධ වි සන්ධානයක් ලෙසිනි. හම්බන්තොට නගරාධිපති එරාජ් මෙවර තරග බිමට පිවිස ඇත්තේ ස්වාධින කණ්ඩායමකිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොරෝනා වලින් මිදෙන්න චීන ජාතිකයින් ඉන්දීය ඖෂද වලට යොමුවෙයි

Next Post

චීනය මහ මුහුදත් අපිට නැති කරයි ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.