චීනය පුරා කොරෝනා වෛරසය සීඝ්‍රෙයන් පැතිරයාමත් සමග එරට ජනතාව ඒ සඳහා චීන ඖෂද වෙනුවට ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂද ලබා ගැනීමට පෙළඹී ඇති බවට වාර්තාවේ.
ඒ අනුව චීනයේ වීදි පුරා පිහිටි කුඩා වෙළෙදසැල් වල එරට බලධාරීන්ට නොදන්වා රහසිගතව ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂද අධික මිල ගණන් වලට අලෙවි වන බවට බටහිර මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
ඉන්දියාවේ ලොව විශාලත ඖෂද නිෂ්පාදකයා වන අතර ලොව ප්‍රමුඛ පෙළේ ඖෂද නිෂ්පාදන සමාගම් සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුල සිදුකරයි. එලෙස නිපදන ඖෂද ඊට සමාන අනෙක් ඖෂද වලට සාපෙක්ෂව අඩු මිලකට අලෙවි වන බැවින් බහුතරයක් දෙනා ඉන්දීය ඖෂද මිලදී ගැනීමට පෙළඹී ඇත.
මෙහිදී ඉන්දීය ඖෂද සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමිව ඇති අතර එහිදී ඉන්දීය නිෂ්පාදන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහතික පවා හිමිව තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව පසුගිය කාලයේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පවා ඉන්දියාව විසින් නිෂ්පදනයට පියවර ගත් අතර ඊට අමතරව ලොව පුරා භාවිතා වන එන්නත් වර්ග රැසක් ඉන්දියාව නිෂ්පාදනය කිරීමට විශේෂත්වයකි.
මෙවැනි තත්ත්වයක් හමුවේ චීන ජනතාවද එරට රජය යම් නීති පනවා තිබූනද ඉන්දීය ඖෂද කෙරෙහි දේශීය ඖෂද වලට සාපෙක්ෂව වැඩි විශ්වාසයක් තබා ඇති බවට වාර්තාවේ.