සූරියවැව නුවන් ජයසේකර –
දැනට පොලිස් අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් ,ගිනි අවියක් හා ජීව උණ්ඩ සමග වෑන් රථයකින් පළායමින් සිටියදී සූරියවැව වැවේගමදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද (14) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුට ව මනුෂ්‍ය ඝාතනයක් හා මංකොල්ල කෑම් රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව වූ පුද්ගලයෙකි.
දැනට අත්අඩංගුවට පත්ව සිටින බැකෝ සමන් නැමැත්තා අත්අඩංගුවට පත් විමත් සමග ඔහුගේ ගෝලයන් රැසක් විවිධ ප්‍රදේශවලට ගොස් සැඟව සිටින බවට පොලිසියට තොරතුර ලැබි තිබිණි. ඒ අනුව බැකෝ සමන්ගේ ප්‍රධාන ගෝලයෙකු සෙවනගල ප්‍රදේශයේ සැඟව සිටින බවට පසුගිය 12 වන දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන්ට තොරතුරක් පැමිණියේය.
ඒ අනුව නිළධාරීන් කණ්ඩායමක් පසුගිය 12 වන දින සෙවනගල ප්‍රදේශයට ගොස් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සෙවනගල සිට අම්පාර ප්‍රදේශයට ගොස් සැඟව සිටින බවය. ඒ අනුව විමර්ශන නිළධාරීන් අම්පාර ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී තිබුණේ සැකකරු අම්පාර ප්‍රදේශයේ සිට පොලොන්නරුව ප්‍රදේශයට පළාගොස් ඇති බවකි.
ඒ අනුව විමර්ශන නිළධාරීන් කණ්ඩායම පොලොන්නරුව ප්‍රදේශයට ගොස් ඔහු නවාතැන් ගෙන සිටි බව කියන ප්‍රදේශයේ සිදුකළ සෝදිසියේදි අනාවරණය වි ඇත්තේ සැකකරු පොලොන්නරුවේ සිට නැවත සෙවනගලට පැමිණීමට පිටවී ඇති බවය.
ඒ අනුව වහා ක්‍රියාත්මක වු විමර්ශන නිළධාරීන් කණ්ඩායම සූරියවැව ප්‍රදේශයේ විශේෂ වැටලිමක් සිදුකර තිබේ. එහිදි සැකකරු වෑන් රථයකින් ලුණුගම්වෙහර දෙස සිට සූරියවැව වැවේගම මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායම වැවේගම විද්‍යාලය අසලදි මග හරස් කර නවතා තිබේ. එහිදි සැකකරු වෑන් රථයේ තිබු කලු පැහැති බෑගයක්ද රැගෙන පළායාමට තැත් කර ඇත. එහිදි වහා ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් පළායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු පරීක්ෂා කිරීමේදි හෙරොයින් ග්‍රෑම් 250ක්, ආරක්ෂක සේවාවේ නිරත විශේෂ බළගන සඳහා පමණක් නිකුත් කරනු ලබන 9MM වර්ගයේ උණ්ඩ යෙදිය හැකි 19 බ්ලොක් වර්ගයේ ගිනි අවියක්,ජී ව උණ්ඩ 40ක් හා බැංකු ගිණුම් පොත් 03ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් බැංකු පොත් තුනෙන් එකක් රුපියල් ලක්ෂ 30ක මුදලක්ද තිබි ඇති අතර එය මත්ද්‍රව්‍ය අලෙවි කිරිමෙන් උපයාගෙන ඇති මුදල් බවට පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට පත් සැකරු වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලිසියට බාරදී ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර, පොලිස් පරික්ෂක ජයවිර, පොලිස් සැරයන් වරුන්වන (44974)මංජුල, (70223)රසික, (71452)ඉංදික, (72939)සංජය ,පොලිස් කොස්තාපල් වරුන් වන (84229)සමන් හා (91504) සදරුවන් යන නිළධාරීන් එක්ව වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.







