සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව විශිෂ්ට ජයග්‍රහණයක් පහසුවෙන් ලබයි… පකිස්ථානය පරදා කඩුළු 07කින් දිනුම්!

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේම ක්‍රිකට් ලෝලීන් දැඩි උනන්දුවකින් නැරඹූ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය හමුවූ මුල්ම තරගයෙන් ඉන්දියාව අති විශිෂට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය.

ලකුණු 127ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණඩායම පන්දු ඕවර 15.5ක දී සිය ඉලක්කය පසු කරන්නේ කඩුළු 03ක් පමණක් දැවී ගොස් සිටියදී ය.  සූර්යකුමාර් යාදේව් දැවැන්ත 6 පහරකින් තරගය නිමා කරන්නේය.  පන්දු 25ක් ඉතිරිව තිබියදී කඩුළු 07කින් ඉන්දියාව ලබා ගන්නා ජයග්‍රහණය ඉන්දීය ක්‍රීඩා ලෝලීන් මන්මත් කරවන අයුරු දුටුවෙමු.

අද පැවැත්වුනේ ආසියානු කුසලානයේ 6 වැනි තරගය ය. තරගය පැවැත්වූයේ ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේය.  කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම පන්දුවට පහර දීම තේරුවේය. එය භායනක තීරණයක් බව පළමු පන්දු ඕවරයේ පළමු පන්දුවේ සිට ඉන්දියානු පන්දු යවන්නෝ පකිස්ථානයට කියා දුන්හ.

පන්දු 120 තරගයේ පන්දු 63ක් නිලකුණු පන්දුය. එනම් ඕවර 10කුත් පන්දු තුනකට එක් ලකුණක්වත් ලබා ගැනීමට පකිස්ථානයට හැකි වූයේ නැත. ඉන්දීය පන්දු යැවීම  ඒ තරම් තියුණු විය.  පිතිකරුවන් 5 දෙනෙක් ලකුණු 05ට අඩුවෙන් දැවී ගියහ. පකිස්ථානයේ මුල්ම කඩුල්ල දැවී යන්නේ ලකුණු පුවරුව 1 ලකුණක්ව තිබියදී ය. කඩුළු 6ක් ලකුණු 64ක් වනවිට දැවී ගොස්ය.  ලකුණු 83 වනවිට පන්දු ඕවර 16.1කි

අප දකින්නේ එතැන් සිට පකිස්ථානු පසුපෙළ පිතිකරු මෙන්ම ආරම්භක පන්දු යවන්නා වූ ෂහීන් ෂා ඇෆ්රිඩිගේ විමතිය දනවන පිතිකරණය ය. කෙසේ වෙතත්  අංක 09 පිතිකරු ලෙස පිටියට පැමිණෙන ෂහීන් ෂා ඇෆ්රිඩි පන්දු  16ක් තුළ නොදැවී ලකුණු 33ක් ලබන්නේය. ඊට දැවැන්ත 6 පහර 4කි. ඔහුගේ අසිරිමත් පිතිකරණය අවසානයේ දී පකිස්ථානය ලකුණු 127ක් තෙක් ඔසවා තැබුවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

පකිස්ථානය වෙනුවෙන් අංක 09 පිතිකරු ඇෆ්රිඩි හැරුණ විට සාර්ථක වන්නේ සහීබ්සාදා ෆර්හාන් පමනි. ඔහු පන්දු 44ක් දී ලකුණු 40ක් ලැබුවේය.

ෂහීන් ෂා ඇෆ්රිඩි

පන්දු යැවීමේ දී කුල්දීප් යාදේව් ලකුණු 18ට කඩුළු 3ක්, අක්සාර් පටෙල් ලකුණු 18 කඩුළු 2ක් ජස්පිට් බුම්රා ලකුනු 28ට කඩුළු 2ක්, හර්දික් පාණ්ඩ්‍යා පන්දු ඕවර 3ක දී ලකුණු 34කට කඩුල්ලක්, වරුන් චක්‍රවර්තී ලකුණු 24ට කඩුල්ලක්, ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ශුබ්මන් ගිල් හැරෙන්නට අනෙක් සෑම ක්‍රීඩකයෙක්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළහ.  අභිෂේක් ෂර්මා ලකුණු 31ක් ලැබුවේය. ඒ පන්දු 13ක දී ය. ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.  තිලක් වර්මා පන්දු 31ක දී ලකුණු 31  ලැබුවේය.

කිසිම අභියෝගයක් තිබුණේ නැත. පීඩනයක් තිබුණේත් නැත. තරගය අවසන්වනවිට නායක සූර්ය කුමාර් යාදේව් පන්දු 37ක දි හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 47කි. ශිවම් ඩුබේ නොදැවී ලකුණු 10කි.

පකිස්ථානය වෙනුවෙන් ලබා ගත් කඩුළු 03ම දඩයම් කරගන්නේ යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක සයිම් අයුබ් ය.

තරගය අවසානය. තරගයේ වීරයා පකිස්ථාන ඉනිම බිම දැමූ කුල්දීප් යාදේව්ය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැකෝ සමන්ගේ තවත් ගජයෙක් ගිනි අවියක් උණ්ඩ සහ ලක්ෂ 25ක හෙරොයින් සමග අත් අඩංගුවට…

Next Post

දඩයමේ ගොස් තුවක්කුව ඉනේ ගසාගෙන එද්දී තුවක්කුව පත්තු වී පුද්ගලයෙක් මිය යයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.