තායිලන්තයේ බැංකොක් නුවර සිට නීති විරෝධී ලෙස ඇන්තූරියම් පැළ තොගයක් මෙරට රැගෙන පැමිණි කාන්තාවක් දෙදෙනකු අද අලුයම රේගු බලධාරීන් විසින් කයටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුව ගෙන තබේ.
රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සහ ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන් සහ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් එක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
තායිලන්.යේ බැංකොක් නුවර සිට පැමණි මෙම කාන්තාවන් සිය මන් මලුවල බහා ඇන්තූරියම් පැළ 436ක් පමණ ගෙනවිත් අත්තේ නිරෝධායන පියවර සහිත කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ ආනයන අවසරයවලින් තොරව බව සඳහන් වේ.
මෙම කාන්තාවන්ගෙන් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් කාන්තාව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.
ඔවුන් වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ ශාක නීරෝධායන පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් මෙම පැළ තොගය රැගෙන විත් අති අතර අදාළ කාන්තාවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ගේ භාරයේ අත්අඩංගුවේ පසුවේ.







