බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස් ගිනි තියන්න අත දරුවො වඩාගෙන පවුල් පිටින් එනව ද?… අනුර කුමාර දිසානායක අසයි…

මේ තත්වය ඇති කළේ ආණ්ඩුවමදැයි සැකයි...

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Mirihana
Share on FacebookShare on Twitter

බස් ගිනිතැබීමට අත දරුවන් වඩාගෙන පවුල් පිටින් එන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක අද ( 01) පැවසීය.  ඔහු කීවේ ඊයේ ජනතා උද්ඝෝෂණය තුළ ඇතිවූ  ප්‍රචණ්ඩකාරී ගැටුම රජයේ සැලසුම් සහගත ක්‍රියාන්විතයක් බවට සාධාරණ සැකයක් මතුවන බවය.

මේ රටේ පුරවැසියන් රාජපක්ෂලාගේ වහලුන් නොවන බවත්, ඔවුන් මේ අශිෂ්ට ජන පීඩක ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීම අතිශය සාධාරණ බවත්  කී අනුර කුමාර දිසානායක    උද්ඝෝෂණ  අතිශය සංවිධානත්මකව සාමකාමීව සහ මෙහෙයුමකට යටත්ව සිදුකිරීමේ පුරවැසි වගකීම ඉටු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ඊයේ ජනාධිපතිවරයාගේ නිවස වටලා කළ උද්ඝෝෂණයේ අවසන් ගැටුම්කාරී තත්ත්වය සැලසුම් සහගත ආණ්ඩුවේ උවමනාවක්දැයි ඉතා සාධාරණ සැකයක් දැන් රටට ඇති වී තිබෙන බවය.

එහිදී අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.

“සමහර උද්ඝෝෂණ ඇතුළෙ ආණ්ඩුවට අවශ්‍ය දේම සිදුවිය හැකියි. ආන්ඩුවට අවශ්‍ය වී ඇත්තේ මේ ජනතාව විසින් ඇතිකළ විරෝධතාවය    යම් ප්‍රචණ්ඩකාරී තැනකට වර්ධනය කරගන්න.  එතකොට තමයි ගෝඨාභය රාජපක්ෂලට තමන්ට කෝකටත් තෛලය ලෙස යොදා ගන්න පුලුවන් හමුදා යාන්ත්‍රණය යොදවා ගන්න පුලුවන් වෙන්නෙ.“

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ ඊයෙ සිද්ධියෙදි අපි දැක්කා සාමාන්‍ය පුරවැසියන් කරන ලද උද්ඝෝෂණයකදි යම් පොදු දේපල ප්‍රමාණයකට හානි වී තිබෙනවා. ඒ   විනාශය ඉතාම සැලසුම් සහගතව ආණ්ඩුව විසින්ම ඇතුළු කරන ලද කණ්ඩායම් විසින්   සිදුකළාද කියන සාධාරණ සැකයක් දැන් අප කා තුළත් පැන නගිනවා.“

“අත දරුවො වඩාගත්තු අම්මලා ගෙදර හිටිය වැඩිහිටි අම්මලා තාත්තලා, දරුවයි බිරියයි ස්වාමියයි තුන්දෙනාම උද්ඝෝෂණයට ඇවිල්ලා මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට හවුල් වෙන්නෙ නැති බව අපි කවුරත් දන්නවා.“

“බස් ගිනි තියන්න කවුද අම්මයි තාත්තයි දරුවයි ඔක්කොම අරගෙන යන්නේ. කවුද තමන්ගෙ අත දරුවා වඩාගෙන එන්නේ.“

“ඒ නිසා මේ පොදු පුරවැසියන්ගේ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව හිතා මතාම සැලසුම් සහගතව මැර  කණ්ඩායම්   යොදවලා මෙවැනි තත්වයක් ඇතිකළාද කියන සාධාරණ සැකය අපට තියනවා.“

“ඒ නිසා මේ ජනපීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා  උද්ෂෝණයන් කර එය පලවා හරින්නට බලකරනවා වගේම එම උද්ඝෝෂණයන් ඇතුළෙ සිදුවිය හැකි ආණ්ඩුවටම වාසි සහගත ආණ්ඩු විසින්ම ඇති කරනු ලබන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමත් පොදු පුරවැසියන්ගේ වගකීමක්.“

“ ඒ නිසා මෙම උද්ඝෝෂණ පුලුවන්තරම් සාමකාමීව, පුලුවන්තරම් සංවිධානාත්මකව, පුලුවන් තරම් මෙහෙයුමකට යටත්ව සිදුකළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳව පොදුජනතාව සැලකිල්ලක් කරවි කියලා අප විශ්වාස කරනවා. මොකද  ආණ්ඩුවට අපි අවි සපයන්න හොද  නෑ.“

“ මා නැවත කියන්නෙ ආණ්ඩුව බලාගෙන ඉන්නෙ එවැනි තත්වයක් ඇතිකරගන්න. එවැනි තත්ත්වයක් ඇතිකරගැනීම ආණ්ඩුවට ඉතාම හිතරකර තත්ත්වයක්. ඒ නිසා   උද්ඝෝෂණය  කරන පොදු ජනතාවත් ඒ පිළිබඳව අවධානය යොමුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.“

එමෙන්ම ඊයේ දිනයේ උද්ඝෝෂණයට සහභාගී වූ පුරවැසියන්ට නීති විරෝධීව පහර  දෙන්නට නියෝග දුන්නේ කවරෙක්ද යන්න සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් අනුර කුමාර දිසානායක කීවේය. පොලිස් ඇමති සරත් වීරසේකර හෝ ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාව විසින් පත් කර ඇත්තේ  ජනතාවට  මර්ධනය කරන්නට නොව ඔවුන්ව රැකගෙන ආරක්ෂා කරගැනීමට බවත් ඔහු පෙන්වා දුන්නේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලබන්නේ කුමණ පදනමකින්දැයි   ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින්වන සුනිල් හඳුන්නෙත්ති සහ ලාල් කාන්ත මිරිහාන පොලිසියට ගොස් ප්‍රශ්න කරමින් සිටින බවත්, අත්අඩංගුවට ගත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන් සමග අත්වැල් බඳගත් සියලුම නීතිඥ කණ්ඩායම් යොමු කර ඇති බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිරන්ති රාජපක්ෂ  සහභාගී වන්නේ යැයි ආරංචිය වී උද්ඝෝෂකයන් පිරිසක් නුවරඑළිය වසන්ත සැනකෙළි සමාරම්භක උළෙලට කඩා වැදිලා…

Next Post

ශෂීන්ද්‍රටත් කළුකොඩි දමයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.