බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බල ශක්ති අර්බුදයක් වළක්වා ගන්න ලක්විජය බලාගාරයට හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය ලැබිලා?

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
ලක්විජය බලාගාරය...

ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

ඉදිරි මාසවලදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට හදිසි පදනම මත ගල්අඟුරු මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍රයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මැයි මාසයේදී මෝසම් වැසි ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් ගල්අඟුරු තොග ලබා නොගතහොත් ගොඩබෑමේ කටයුතු දුෂ්කර වී බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බැවින් මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.

“අවශ්‍යතාවයක් මතු වුවහොත් හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ නොවුවහොත් බලශක්ති අර්බුදයක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා,”  උක්ත රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා උපුටා දක්වමින් සන්ඩේ ටයිමිස් වාර්තා කර ඇත.

දකුණු අප්‍රිකානු ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් පළමු නෞකාවේ සාම්පල කිලෝ ග්‍රෑමයක් සඳහා උත්පාදනය කළ හැකි කිලෝ කැලරි ශක්තිය ප්‍රමාණාත්මකව අඩු වීම ඇතුළු  කාරාණ 11කින් යුතු ගල් අඟුරු ප්‍රමිතිය නිශ්චය කරන  සාධකවලින් 03කින් අසමත් වූයේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60, 000 සඳහා මුළු නැව් වාර 23ක් සැලසුම් කර ඇති අතර ඉන් 9ක් දැනටමත් මෙරට බලා පැමිණෙමින් තිබේ. පළමු නෞකාවේ ගල්අඟුරු බාල වීම නිසා සෙසු නෞකාවල ගල්අඟුරු ද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබේ.

අපේක්ෂිත කිලෝ කැලරි ප්‍රමාණය නොමැති වීම පදනම් කරගෙන මූලික ගිවිසුම් කොන්දේසියක් උල්ලංඝණය කිරීම හේතුවෙන්  පළමු නෞකාව සඳහා රජය දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් පනවා ඇති අතර, දෙවන නෞකාවේ ගුණාත්මක පරීක්ෂණ දැනට සිදු කෙරෙමින් පවතී.

මෙම ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී. දකුණු අප්‍රිකානු ගල්අඟුරු ආනයනය කළ ඉන්දීය සමාගමකට වාසි සහගත වන අයුරින් ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර ඇති බවට චෝදනා එල්ල විය.

විශේෂයෙන්ම, සාමාන්‍යයෙන් දින 42ක් පවතින ටෙන්ඩර් කාලසීමාව දින 21ක් දක්වා අඩු කර ඇති බව  මෙහිදී උපුටා දැක්විනි. විපක්ෂය මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර අදාළ සියලුම ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා තිබිණි.

මේ චෝදනා සම්බන්ධව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී දීර්ඝ පැහැදිලිකිරීමක් කළ බලශක්ති ඇමතිවරයා  අදාල සියලුම ලේඛණ පාර්ලිමේන්තුව තුළ සභාගත කරමින්  මේ කලබලය ඇති කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ වේදනාවට හේතුව ටෙන්ඩර් ලබා දීමකින් තොරව පසුගිය කාලය පුරා ඔවුන්ගේ හිතවතෙකුට රුසියානු ගල් අඟුරු ගෙන ඒමට ලබා දී තිබුණු ඩෙන්ඩරය පරාද වීම බව පෙන්වා දුන්නේය.

තරගකාරී ලන්සුකරුවන් ගණනාවක් අතරින් එම ඩෙන්ඩරය අසමත් වූයේ රුසියාවට වැටී ඇති සම්බාධකත් සමග එම ටෙන්ඩරයේ මිල ගණන් ඉහළ අගයක පැවතීම නිසා බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙම  ටෙන්ඩර් ප්‍රදානය ගැන අනෙක් කිසිම තරගකාරී ලංසුකරුවෙක්  අභියාචනායක් හෝ ඉදිරිපත් නොකළ බව ද අවධාරණය කළ ඇමතිවරයා මෙම ගනුදෙනුවේ විනිවිද භාවය තහවුරු කළේය.  ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළ බොහෝ අවස්ථාවල එක් එක් නැව්ගත කිරීම් සඳහා මෙවැනි ප්‍රශ්න ඇති වී තිබෙන බවද ඔහු සලකුණු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරුව ඇත්ත කරන්න ජනතා මුදල් වියදම් කරගෙන වැඩිය දඟලන්න එපා… ආණ්ඩුවට නාමල් අනතුරු අඟවයි!

Next Post

විස්සයි-20 ලෝක කුසලානය: ලංකාවේ තණතීරු ගැන අයි.සී.සී.යේ දැඩි අවධානයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.