fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බල්ලා පිදුරු කන්නෙත් නෑ… කන ගොනාට දෙන්නෙත් නෑ… සජිත් ආසයි – බයයි… යළිත් රට අවුලක!

දේශපාලන අනාගතය විනාස වනවට බයේ අගමැතිකම ගන්නෙත් නෑ... වෙන කෙනෙකුට ගන්න දෙන්නෙත් නෑ....

1 සතියක් ago
in පුවත්
550 5
0
Share on FacebookShare on Twitter

මේ වනවිට අගමැති ධුරය භාර ගැනීමට විපක්ෂ නායක භාර ගැනීමට ස්ථිර එකඟතාවයක් පල නොකිරීමත් එය භාර ගැනීමට සූදානම්ව සිටින දේශපාලන නායකයින්ට ඒ සඳහා සහයෝගය නොදැක්වීමත් නිසා රට දැවැන්ත දේශපාල අර්බුදයකට තල්ලු වෙමින් තිබේ.

නව අගමැතිවරයෙක් පත් කරගෙන අන්තර්වාර ආණඩුවක් පිහිටුවා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් අද දවස වනවිටත් දැඩි උත්සාහයක නිරතව සිටිය ද මෙතෙක් ඒ සම්බන්ධව එකඟතාවයකට පත් වීමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ධුරයෙන්ඉවත් වූ පසු අගමැති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකථන මාර්ගය ඔස්සේ  දැනුම් දී තිබිණි.

ජනාධිපතිවරයාගේ එම ආරධානය සම්බන්ධව ද මෙතෙක් පැහැදිලි එකඟතාවයක් නොමැත.

සර්ව ආගමික නායකයින් ප්‍රකාශ කරන පරිදි එතුමන්ලා ඊයේ රාත්‍රියේත් අගමැති ධුරය සඳහා  පුද්ගලයෙක් යෝජනා කරගැනීමට සාකච්ඡා කීපයක් පවත්වා තිබේ.

දැනට පත්ව තිබෙන තත්ත්වය අනුව අගමැති ධුරය සඳහා සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය, චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ මෙන්ම අනුර කුමාර දිසානායකගේ නම යෝජනා වී ඇත.

අනුර කුමාර දිසානායකගේ නම යෝජනා වී  තිබුණ ද ඔහු සහ ඔහුගේ පක්ෂය වත්මන් පාලනය යටතේ අගමැති ධුරය හෝ අන්තර්වාර ආණ්ඩුව පිහිටුවීම ප්‍රතික්ෂේප කර තිබේ.

සෙසු අය ඒ සඳහා සූදානමින් සිටියත් මෙතෙක් සජිත් ප්‍රේමදාස ඒ අයට සහයෝගය පලකිරීම එකඟතාවය පල නොකිරීම විශේෂය .

මේ නම් අතර සජිත් මූලිකත්ව හිමිව ඇත්තේ රටේ ප්‍රධාන විපක්ෂ නායකයා ඔහු නිසාය. ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්විනි. එහිදී ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සියලු දෙනාගේ යෝජනාව වී ඇත්තේ සජිත් අගමැති ධුරය භාරගත යුතු බවය.

එහෙත් සජිත් ප්‍රකාශ කර ඇත්තේ “ ඔයාලා කියන විදිහට බාර ගන්න පුලුවන්. එහෙම බාරගෙන අද මේ තියන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුලුවන් ද?.  ඉන්ධන, ගෑස් , බෙහෙත් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුලුවන් ද?. එහෙම විසඳුම් දෙන්න බැරිවුනොත් මටත් වෙන්නෙ මහින්දට වුන දේම තමයි. ජනතාව අපටත් විරුද්ධව උද්ඝෝෂණය කරාවි. මාසයකින් ජනතා අපේක්ෂා ඉටු කරන්න බැරිනම් ජනතාව අපට විරුද්ධව දිගින් දිගටම අරගල කරාවි.“

සජිත්ගේ එම ප්‍රකාශයෙන් පසු රට තුළ උද්ගතව ඇති තත්ත්වය  පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අගමැති ධුරය ප්‍රමුඛ ආණ්ඩුව භාර ගන්නවා නම් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ යෝජනා අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම බලගැන්වීම වැනි තීරණාත්මක කරුණු ඉටු විය යුතු බව එහිදී සාකච්ඡා වී තිබේ.

සජිත් ප්‍රේමදාස අගමැති ධුරය භාර නොගැනීම නිසා සමගි ජන බලවේගයට දේශපාලනික වශයෙන් අවාසියක් සිදුවිය හැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පෙන්වා දී ඇත්තේ වෙනත් අයෙක් අගමැති ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවා උද්ගව ඇති ප්‍රශ්නවලට විසඳුම් දී රට ඉදිරියට ගෙන ගියොත් ඔහුව ජනතාව පිළිගනු ඇති බවය.

කෙසේ නමුත් අගමැති ධුරය සඳහා ඉදිරිපත් වී ඇති අනෙකුත් නම් අතරින් අයෙක් පත් කරගැනීම සඳහා සහාය දීමට සජිත් ප්‍රේමදාස මෙතෙක් එකඟතාවය පල කර නැත.

රනිල් කරූ චම්පික යන අය අගමැති ධුරය භාරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට   කැමැත්තෙන් හිටියත් ප්‍රධාන විපක්ෂය ඒ සඳහා එකඟතාවය පල නොකිරීම නිසා ඔවුන්ට සහයෝගය දක්වන අනෙකුත් පාර්ශවයන් ද අර්බුදයකට මුහුණ පා ඇත.

මේ සම්බන්ධව ඔවුන් අතර සාකච්ඡා අද දිනයේ ද පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත්  දැනට තිබෙන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වෙනු ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

ජනපති ඉවත් වී කථානායක වැඩ බලන ජනපති ලෙස අන්තර්කාලීන ආණඩුවක් පිහිටුවන්න – ජාතික ජන බලවේගය

Next Post

පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ…

Related Posts

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

මැයි 18, 2022

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මැයි 18, 2022

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!
  • තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ
  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

    218 shares
    Share 87 Tweet 55

Highlights

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

by editor
මැයි 18, 2022
0

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හා රථ...

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

by editor
මැයි 18, 2022
0

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist