කීර්ති ප්‍රනාන්දු –
දෙවලපොල බලබෝව පිරිවෙන් වාසී හිමිවරුන් 10 නමක් කොවිඩ් ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
මෙම පිරිවෙනේ වැඩ වාසය කරන එක් හිමිනමක් සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඉකුත් 10 වෙනිදා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කරගෙන ඇති අතර එහිදී එම හිමිනමට කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
පසුව මේ පිළිබඳව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පිරිවෙනේ වැඩ වාසය කරන අනෙකුත් හිමිවරුන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී එම හිමිවරුන් අතරින් තවත් හිමිවරුන් 9 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු කරගත් බවද ඔහු කීවේය.
අනතුරුව එම ආසාදිත හිමිවරුන් දස දෙනා එම පිරිවෙන තුළම නිරෝධායන ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.







