චන්ද කොට්ඨාස මට්ටමින් මුල්ම චන්ද ප්‍රතිඵලය නිකුත් වී තීබේ. ඒ ගාල්ල බලපිටිය ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵලය ය. වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 21,681ක් සහිතව බලපිටිය ඡන්ද කොට්ඨාසය ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 65.1කි.
සමගි ජන බලවේය ලැබූ ඡන්ද ප්‍රමාණය 5588කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 16.1කි. බලපිටිය ඡන්ද කොට්ඨාසයේ අංක 3 දිලිත් ජයවීරගේ සර්ව ජන බලය ය. ලබාගත් ඡන්ද ප්‍රමානය 1885කි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.6කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1471කි. ප්‍රතිිශතය සියයට 4.4කි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 1318කි. සියයට 4කි. ලියාපදිංචි මුළු චන්ද ප්‍රමාණය 54,925කි. ප්‍රතික්ෂේපිත මුළු ඡන්ද ප්‍රමාණය 1392කි. ලියාපදිංචි චන්ද ප්‍රමාණයෙන් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර නැත.







