සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බර ටොන් 120ක්.. අලුතින් ගෙනා  දුම්රිය එන්ජින්  දෙකක් කැලණි පාලමේ මාරුවීමත්  අවදානම්!…

දුම්රිය ඇන්ජින් ගනුදෙනුවත් ප්‍රශ්න ගොඩක....

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියානු ණය සහන යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද දුම්රිය එන්ජින් ශ්‍රි ලංකාවේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන මට්ටමේ බරපතල ඒවා බවත් එම දුම්රිය මෙරට දුම්රිය මාර්ග පදධතියේ සීමිත ප්‍රදේශයක පමණක් ධාවනය කළ හැකි ඒවා බවත් දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම එන්ජින් විශාල පෙට්ටි සංඛ්‍යාවක් ඇදගෙන යා හැකි සේ සකස් කළ ටොන් 120ක බරින් යුතු එන්ජින්වන අතර දැනට පැරණි කැලණි පාලමේ එවැනි එන්ජින් සහිත දුම්රිය දෙකකට මාරු වීමට පවා නොහැකි තරම්  අවදානම් සහගත බවත් මේ වනවිට දුම්රිය විශේෂඥයන් විසින් හඳුනා ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්දියාවේ ශ්‍රි ලංකාවට ගැලපෙන මට්ටමේ ඊට වඩා සැහැල්ලු දුම්රිය එන්ජින් නිෂ්පාදනය වෙද්දී මෙම බරපතල එන්ජින් ගෙන්වීම ගැටලුකාරී තත්ත්වයක් ව ඇති බවත් මේ වනවිටත් එලෙස ගෙන්වූ දුම්රිය එන්ජින්වල යම් යම් දෝෂ සහිත තත්ත්වය නිරීක්ෂණය වීම නිසා ධාවනය නොවන බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔවුන්ට අනුව මෙම දුමරිය එන්ජින් ධාවනය කළ හැක්කේ මුහුදු බඩ මාර්ගයේ  හික්කඩුව දක්වා  පමණක් වන අතර උතුරු දුම්රිය මාර්ගයේ පමණක් කන්කසන්තුරේ දක්වා ධාවනය කළ හැකිය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එසේ වුවද ප්‍රධාන මාර්ගයේ රඹුක්කනට පමණක් ධාවනය කළ හැකි වන අතර මඩකලපුව සහ පුත්තලම් දුම්රිය මාර්ගයේද මෙම එන්ජින් ධාවනය කළ නොහැකි බව දුම්රිය බලධාරීන් වටහාගෙන ඇත්තේ ඒවා ගෙන්වීමෙන් අනතුරුවය.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව ඔවුන්ට උපදෙස් දී තිබුණේ ධාවනයට මෙතෙක් එක්කර ගෙන නොමැති එන්ජින් සහ දුම්රිය පෙට්ටිය හැකි ඉක්මනින් ධාවනයට එක් කිරීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව මේ වනවිට එම දුම්රිය පෙට්ටිවලින් 51ක් පමණ ධාවනයට එක් කර ඇති බව වාර්තා වන අතර සෙසු දුම්රිය පෙට්ටිද ඉදිරියේදී ධාවනයට එක් කිරීමට සූදානම් කෙරෙමින් පවතින බව සඳහන් වේ.

මේ පිළිබඳව ලංකාසර කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර   ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට සකස් කර ඇත්තේ ටොන් 120ක එන්ජිමක් දරා ගත හැකි ආකාරයට බවය.

කෙසේ වුවද මෙම එන්ජින් ගමන් කළ නොහැකි මාර්ගද පවතින බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

කැලණි පාලමේ මෙම දුම්රිය දෙකක් ධාවනය කළ නොහැකි බවට නැගෙන මතයට   ප්‍රතිචාර දැක්වූ හෙතෙම එය  ප්‍රතික්ෂේප කළ  අතර ඔහු  පැවසූයේ තමන්ට එවැනි ප්‍රශ්නයක් පිළිබදව මෙතෙක් වාර්තා වී නැති බවය.

කෙසේ වුවද නුදුරේදීම පැරණි කැලණි පාලම භාවිතයෙන් ඉවත් වනු ඇති බවත් එවිට එවැනි ප්‍රශ්නයක් පැන නොනගින බවත් සඳහන් කළ  සාමාන්‍යාධිකාරීවරයා උඩරට දුම්රිය මාර්ගය සඳහා සුදුසු එන්ජින් සහ බලවේග කට්ටල ගෙන්වීමට පියවර ගෙන ඇති බව ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹානේ සීවලී සෑ රදුන් ආදි වාසී ජනතාවගේ වන්දනාවට විවෘත වේ!

Next Post

අවුරුද්ද අග වනවිට ඩොලරය රුපියල් 300ට යාවි… තරුණ පරපුරේ සාපයට ලක් නොවී එක්ව විසඳුමක් සොයමු!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.