ශ්‍රියානි විජේසිංහ
බදුල්ල රෝහල තුල හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට පියවර ගෙන ඇතැයි එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේය.
පානීය ජල ප්‍රශ්නයකට මේ වන විට රෝහල මුහුණ දී සිටින බැවින් හදිසි සැත්කම් පමණක් කිරීමට තීරණය කළ බව හෙතෙම කීය.
මේ වන විට බවුසර් මගින් ජලය ගෙන ආවද එය ප්‍රමාණවත් නොවන බැවින් පෙන්වා දුන් වෛද්‍ය පාලිත මහතා ආපදාවන්ට ලක්ව මිය ගිය පුද්ගලයින්ගේ මරණ පරික්ෂණයන් සිදුකිරිමටද ජලය ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බවට පත් ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.
පස්කදු කඩා වැටීමෙන් අවහිරවී තිබු මාර්ගයන් ක්‍රමයෙන් විවෘත වීමත් සමඟ තුවාලකරුවන් සහ මිය ගිය අයගේ මෘත දේහයන් බදුල්ල ඇතුළු අවට රෝහල් වෙත ගෙනයාමට ආරම්බ වී ඇති බවද හෙතෙම පැවසුවේය.
බදුල්ල ප්‍රදේශය තුල ආපදාවන්ට ලක්ව තුවාල ලබා ඇති පුද්ගලයන් සහ සිදුව ඇති ජීවිත හානි පිලිබඳව මෙතෙක් වාර්තා වී නොමැති නමුත් මෙය සැලකිය යුතු සංඛ්‍යාවක් විය හැකි බවද වෛද්‍ය රාජපක්ෂ මහතා පැවසුවේය.







