සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ලිංගික අතවරයට ලක් වෙලා…

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Badudeen_

අතවරයට පත් වූ බව කියූ කාන්තාවක බදියුදීන් නිවසට රැගෙන ආ අවස්ථාව

Share on FacebookShare on Twitter

දෙරණ –

2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එලෙස සේවය කළ තවත් කාන්තාවක් අද (01) ප්‍රකාශයක් කරමින්  තමාද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරන කාලයේදි ලිංගික අතවරයන්ට ලක්වු බව ප්‍රකාශ කළ බවත් පොලිස් වාර්තා සඳහන් කරයි.

මේ අතර 2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක් 10 දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ප්‍රධාන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් පසුගියදා පරීක්ෂණ ආරම්භ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“මෙම දැරිය මියගොස් තිබෙනවා. තවත් කාන්තාවක් රෝගයකින් මියගොස් තිබෙනවා. තවත් කාන්තාවක් මෙම නිවසේ සිට ගෘහසේවය අවසන් වීමෙන් පසුව පිටව යෑමෙන් අනතුරුව සියදිවි නසා ගැනීමක් සිදුකර ඇති බවට වාර්තා වෙනවා. කෙසේවෙතත් 11දෙනාගෙන් 8දෙනාගේ ප්‍රකාශ අද දිනය වන විට සටහන් කරගෙන තිබෙනවා.” 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ ඩයගම ප්‍රදේශයේම පදිංචිව සිටි එක් කාන්තාවක් කැලණිය ප්‍රෙද්ශයේ පදිංචිව සිටිය දී සොයා ගෙන තිබුණි.

එම කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය සඳහන් කර ඇත්තේ, තමාද මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කරන කාලයේ දී ලිංගික අතවරයට ලක් වු බවය.

ඒ අනුව අදාළ කාන්තාව ද රැගෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අද දහවල් රිෂාඩ් බදියුදීන්ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පැමිණියාය.

එලෙස පැමිණි ඇය නිවසේ යම් යම් ස්ථාන පරීක්ෂාවට ලක් කරන ආකාරයක් දැක ගන්නට ලැබුණි.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රිවරයාගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ඒ.ජේ.මොහමඩ් ෆායිස් අද නිවේදනයක් නිකුත් කළේය.

එහි සඳහන් වුයේ ඉෂාලිනිට ලබා දි තිබු කාමරය අඩි 6 යි 4 ප්‍රමාණයේ කාමරයක් ලෙස දැක්වුවද එහි සැබෑ ප්‍රමාණය දිගින් අඩි 7 යි අඟල් 4ක් වන අතර පළල අඩි 6යි අඟල් 3ක් බවය.

එම කාමරයට ක්‍රියාකරන විදුලි පංකාවක් සහ විදුලිඑළිය ද ලබා දි ඇති අතර ඇයට පුද්ගලික පාවිච්චිය සඳහා අංග සම්පුර්ණ නානකාමරයක් ද ලබා දී තිබු බවට එම නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම එම දැරිය මාස 7 හමාරක පමණ සුළු කාලයක් මන්ත්‍රීවරයාගේ නිවසේ ගත කළ කාල පරිච්ඡේදයේ දී එම ලිංගික අපයෝජනය සිදුවුවා යැයි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ද ඒ.ජේ.මොහමඩ් ෆායිස් සිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.

රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනි දැරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයකම උද්ඝෝෂණ පැවැත්විය.

එමෙන්ම බලපිටිය කොත්දූව පුරාණ විහාරස්ථානයේදී දැරිය සිහිකරමින් බෞද්ධ චාරිත්‍රානුකූලව මතක වස්ත්‍ර පූජා කිරීමක් අද පෙරවරුවේ සිදුකෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු-විදුහල්පතිවරු හෙට සිට පාසල් එන්න බෑ කියති

Next Post

මහින්දානන්දලා කඩන්න යෝජනා කළ බෝගම්බර ගොඩනැගිල්ලට අත නොතබන බව විදුර නුවර ඇවිත් කියයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.