ලලිත් චාමින්ද –
ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගග පහළ නිම්නයට අයත් ඕපාත, හෝළුවාගොඩ,මිපාවල, පැණිදෙණිය, බාස්වත්ත, කුරුන්ද ආදි ගම්මාන රැසක වි වගාබිම් හා කොරටු වගාවන් ජලයෙන් යටවිම නිසා එම ප්‍ර දේශවල ගොවින් දැඩි අසරණ තත්වයට පත්ව ඇත.
ඕපාත ප්‍ර දේශයේ අස්වැන්න නෙලිමට ආසන්නව පැවති වි වගාබිම් අක්කර 50කට අධික ප්‍රමාණයක් දැනට මාසයක පමණ කාලයක සිට ජලයෙන් යටවි ඇති බැව් ගොවිහු පවසති. අස්වැන්න නෙලීමට නොහැකිවිම නිසා අතැම් වි වගාබිම් විනාශ වි ඇති බවද ගොවිහු පෙන්වාදෙති.
ඕපාත ප්‍රදේශයේ ඇතැම් ගොවින් ජලයේ කරවටක් බැස ඔරු වලින් ගොස් වි අස්වැන්න නෙලාගන්නා අයුරු දැකගත හැකිවිය. ජලය බැසයාම සදහා ක්‍රමවත් වාරිමාර්ග පද්ධතියක් නොමැතිවිම නිසා මෙම තත්වය උදාවි ඇති බවද ගොවිහු පවසති.
පොම්පාගාරයක් ඉදිකරදෙන ලෙස ගිංගගපහළ නිම්නයේ ගොවින් වසර ගණනාවක සිට වාරිමාර්ග බලධාරින්ගෙන් ඉල්ලිම් කළද එය බිරි අලින්ට විනා වැයිමක් බදු කටයුත්තක් බවට පත්ව ඇති බවද ගොවිහු පවසති.
ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරිම සදහා හෝළුවාගොඩ ව්‍යාපාරයේ පෙර කන්න රැස්විම ඉකුත් 26 වැනිදින බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පැවති අතර ගොවින්ගේ විරෝධතාවය නිසා එදින දින වකවානු තින්දුකරගැනිමට නොහැකිවි ඇත.

වි අස්වැන්න නෙලාගැනිමට නොහැකිව වගාබිම් ජලයෙන් යටවි තිබියදි ඉදිරි මහ කන්නය සදහා දින වකවානු තින්දු කිරීම පිළිබද ගොවින් මෙහිදි සිය විරෝධය පළකරනු ලැබිය. ජලයෙන් යටවි ඇති වි වගාබිම් සදහා වි වපුරණු ලැබු දින වකවානු පිළිබද නොසලකා වන්දි ලබාදෙන ලෙස ගොවිහු කෘෂිරක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා සිටියහ.
හානියට පත් වි වගාබිම් සදහා අවශ්‍ය වන්දි ලබාදිමට කටයුතු කරණ ලෙස මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ කෘෂිරක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදෙනු ලැබිය.
ඉදිරි මහකන්නයේ දි හෝළුවාගොඩ ව්‍යාපාරයට අයත් ගොවින් වි වගා කිරිමෙන් වැලකි සිටින බවද මෙහිදි ගොවිහු සදහන් කළහ.