සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බත උයන්න කලින් හාල් පොඟවලා ගන්න

by Lanka Sara Editor
සැප්තැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අප එදිනෙදා බහුලව භාවිතයට ගන්නා ප්‍රධාන ආහරය වන බත පිසගැනීමේදී සහල් කිසියම් වේලාවක් පොඟවා තැබීමෙන් එහි පෝෂණ ගුණය සැබවින්ම සිරුරට උකහා ගන්නා බව සුප්‍රසිද්ධ ඉන්දීය පෝෂණවේදියෙකු සහ කලාපීය දේශීය ආහාර පිළිබඳ උපදේශක රුජුටා දීවේකර් පවසයි. එමගින් කියවෙන්නේ සහල්වලින් විටමින් හා ඛනිජ ලවණ අවශෝෂණය කර ගැනීමට එය වඩාත් ඉවහල් වන බවයි.

සහල් විනාඩි 30 ක් හෝ ඊට වැඩි කාලයක් පොඟවා ගැනීමට ඉඩ දීමෙන් බොහෝ සහල් වර්ගවල පිසීම සඳහා ගතවන කාලය  20% කින් පමණ අඩු කර ගත හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි. බත් පොඟවා ගැනීමෙන් අවසාන ප්‍රතිඑලය වන ආහාරයෙ රසයට ද එය බෙහෙවින් බලපායි.

පොඟවා ගත් සහල් පිසගන්නා කාලය වේගවත් වන අතර පෙඟීම මගින් සහල් නියමාකාරයෙන් පිපීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍යයක් ද නිපදවන අතර එමඟින් සහල්වල ඇරෝමැටික මූලද්‍රව්‍ය රඳවා ගැනීමට ද ඉඩ සලසයි.

පිසීමට පෙර යම් වේලාවක් සහල් පොඟවා ගැනීමෙන් ෆයිටික් අම්ලය ඉවත් වේ. මෙම අම්ලය මඟින් සහල්වල ඇති පෝෂ්‍ය පදාර්ථ සම්පූර්ණයෙන්ම සිරුරට අවශෝෂණය වීම වළක්වයි. ෆයිටික් අම්ලය යනු ශාක බීජ වල අඩංගු ස්වාභාවික ද්‍රව්‍යයකි, එය ශරීරය යකඩ, සින්ක් සහ කැල්සියම් අවශෝෂණය කර ගැනීමට බාධා කරයි. එය විශේෂයෙන් ඉහළ මට්ටමේ බීජ, ධාන්‍ය, රනිල කුලයට අයත් බෝංචි සහ ඇට වර්ගවල දක්නට ලැබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ෆයිටික් අම්ලය ශාකවල දක්නට ලැබෙන අතර බීජ වල පොස්පරස් ගබඩා කිරීමේ ඒකකය සාදයි” යැයි මෑතකදී වෝග් ඉන්දියා විසින් 2020 වෝග් රූපලාවන්‍ය සම්මාන උළෙලේදී හොඳම පෝෂණවේදිනිය ලෙස පිළිගත් මැග්රොබයොටික් පෝෂණවේදිනියක සහ සූපවේදී‍‍‍‍‍‍‍යකු වන  ෂොනාලි සබර්වාල් හෆ්පොස්ට් වෙත පැවසීය. “එය ඛනිජ අවශෝෂණය වීම නවත්වන අතර සහල් වතුරේ පොඟවා ගැනීමෙන් ෆයිටික් අම්ලය ඉවත් කරයි. සින්ක් හා යකඩ ඌනතාවයෙන් පෙළෙන අය ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ”

ඛනිජ අවශෝෂණය අඩපණ වීම එම ආහාරයට පමණක් සීමා වන බව සබර්වාල් පෙන්වා දුන්නේය. එවැනි ආහාර වේලකින් පසු ශරීරය වෙනත් කිසිදු ආහාරයකින් පෝෂණය අවශෝෂණය වීම වළක්වන කිසිදු පද්ධතිමය දුර්වලතාවයක් ඇති නොකරයි.

මේ හේතුව නිසා බත් අනුභව කිරීමෙන් වැළකී සිටිය යුතු නැතැයි ද සබර්වාල් පැවසීය. “ ෆයිටික් අම්ල මට්ටම අඩු කිරීම සහ සහල් ඇතුළු ආහාර ධාන්‍යවලින් සින්ක් සහ යකඩවල ජෛව සක්‍රීයතාව ඉහළ නැංවීම සඳහා ඵලදායී බව ඔප්පු කර ඇති පොඟවා ගැනීම වැනි එහි පෝෂණය වැඩි දියුණු කරන ආහාර පිසීමේ ක්‍රම භාවිතා කරන්න” සබර්වාල් පෙන්වා දෙයි.

සමහර සහල් වර්ග සෙසු ඒවාට වඩා වැඩි වේලාවක් පොඟවා ගැනීම සඳහා වඩාත් සුදුසු වේ. සහල් වර්ගය අනුව පොඟවා ගත යුතු වේලාවන් වෙනස් වේ.

ඉන්දියාවේදී ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විවිධාකාර සහල් වර්ග ඔබට සොයා ගත හැකි වනු ඇත. එම සහල් එකිනෙකට වෙනස් විවිධ ක්‍රම වලින් පිසිනු ලැබේ . පීඩන උදුනෙහි, පැස්ටා ආකාරයෙන් ලුණු සහිත ජලය විශාල භාජනවල තම්බා සහ ජලය මැන තැම්බීමෙන් හෝ අවශෝෂණ ක්‍රමයට පිසින ලද ආදි ක්‍රම ඒ අතර වේ. සහල් පිසගැනීමේදී හරි හෝ වැරදි යනුවෙන් ක්‍රමයක් නැත, නමුත් වඩාත් සුදුසු ක්‍රමයක් ඒ සඳහා භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඑල අත්කරගත හැකිය.

සහල් පොඟවා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?

අපගේ මුළුතැන්ගෙයි බොහෝ සහල් පිළියෙල කිරීම ආරම්භ වන්නේ සහල් කිහිප වතාවක් සේදීම සහ කළු ඇට, වී, ගල් අහුලා ගැනීම ආදියෙන් පසුවය. ඕනෑම විදේශීය සහල් වර්ගයක් වුවද සේදීම සඳහා අතින් වතුරෙන් ගසමින් සෝදා පිසීමට යොදාගනී. නමුත් සාමාන්‍යයෙන් සහල් පොඟවා ගත යුතු
සුදුසු කාලසීමා මෙසේය.

  • නොකැඩූ හෝ නොකැඩූ දුඹුරු, කළු, රතු ආදී නිවුඩු සහල්: පැය 6-12 ක් පොඟවා ගැනීම
  • තැම්බූ හාල් වැනි ඔප දැමූ දුඹුරු සහල්: පැය 4-6 ක් පොඟවා ගන්න
  • ඇලෙන සුළු බත්: එක රැයක් පොඟවා ගන්න
  • බාස්මතී, ජැස්මින් සහ සුෂි සහල්: වට්ටෝරුව වෙනත් ආකාරයකින් නිර්දේශ නොකරන්නේ නම් විනාඩි 15-30 අතර කාලයක් පොඟවා ගන්න
  • සම්බා, නාඩු, කීරි සම්බා ආදී සාමාන්‍ය ඔප දැමූ සුදු සහල්: මිනිත්තු 0-15 ක් පොඟවා ගන්න
Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට එන්න හිටි බංගලි කණ්ඩායමේ වේග පන්දු යවන්නාට කොරෝනා….

Next Post

කොරෝනා එක්ක රුසියානුවන් මාතර ආවේ මත්තල වැරැද්දකින්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.