පසුගිය එකොළොස් වැනිදා ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ ග්‍රෑම් 150කට අසන්න තොගයක් සහිත විදේශීය ධීවර යාත්‍රාව අද කොළඹ වරායට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ඒකාබද්ධව මෙම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහි ඇති මත්කුඩු තොගය බත්තර මුල්ලේ සංජු නැමැති දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා විසින් මෙරටට එවන ලද කුඩු තොගයක් බවට අනාවරණය වී ඇත.
මෙම ධීවර යාත්‍රා වේ ඉරාන ජාතිකයන් අටදෙනෙකු ද සිටින බව සඳහන් වන අතර දින ගණනාවක මෙහෙයුමකින් පසු අද මෙම යාත්‍රාව නාවික හමුදාවේ මෙහෙයුමෙන් කොළඹට රැගෙන ඒමට නියමිතය.