බත්තරමුල්ලේ දී අද (25) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ. මෙසේ ඝාතනය වී ඇත්තේ බත්තරමුල්ල, කොරාඹේ පදිංචිව සිටි ජනක පුෂ්පකුමාර (44) නම් පොළියට මුදල් ලබා දෙන පුද්ගලයකි.
ඔහු දැනට විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවූ කොරාඹේ වත්තේ බන්ටි නමැත්තාගේ සහෝදරයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තලංගම ඇතැයි පොලිිසය කියයි.
තලංගම, කොරාඹේ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා තිබිණි.
මේ තැනැත්තා පොළී මුදල් එකතු කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් බත්තරමුල්ල ප්‍රදේශයට ගොස් නැවත නිවසට පැමිණ ත්‍රීරෝද රථයෙන් බැස යද්දී යතුරුපැදියකින් පැමිණි මෙම ඝාතකයින් දෙදෙනා පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා පලා ගොස් තිබිණි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.