ලලිත් චාමින්ද –
වාරිමාර්ග අමාත්‍යංශයට අයත් වාහන 347ක් අමාත්‍යංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
වාරිමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළින් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යංශ ලිපිනය යටතේ වාහන 650ක් ලියාපදිංචි වි තිබුණි.
එහෙත් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේඛණය අනුව අමාත්‍යංශයට අයත් පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 306කි
ඒ අනුව වාහන 347ක් අමාත්‍යංශය භාරයේ නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.







