බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටලන්ද ගෙනත් ආණ්ඩුව නාගන්න හැටි ආණ්ඩුවත් හාන්සි කරමින් මුජිබර් සහසුද්දෙන්ම කියයි…

by editor
අප්‍රේල් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව ගෙන ආවේ බටලන්දක් නොව ඡන්ද ලන්දක් බවත් මේ මැතිවරණයෙන් පසු මේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ලන්දටම විසිවන බවත් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

2001 දී මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ විට අනුර කුමාර දිසානායක ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් 10 දෙනා වචනයක් කතා නොකළ බව මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා සිහි කළේය.

චන්ද්‍රිකා සමග ආණඩු පිහිටුවා ඇමතිකම් කරනවිට, රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු පිහිටුවන විට, යහපාලන රජයේ විධායක කමිටුවේ ප්‍රධාන නිලයක් අනුර කුමාර දිසානායක දරනවිට මේ වාර්තාව ගැන වචනයක් කතා නොකළ බවත් ඒ අවධියේ අනුර කුමාර දිසානායකගේ ප්‍රිය මිතුරා වූ රනිල් වික්‍රමසිංහව වසර 36කට පසු දැන් මරාගෙන කන්නට හදන්නේ ඡන්දය නිසා නොවේදැයි මුජිබර් විමසුවේය.

ඔහු කීවේ මේ ආණ්ඩුව හදා ඇත්තේ විජේවීර ඝාතනය කළ ඝාතකයින්, 88-89 වකවානුවේ හමුදා කඳවුරු භාරව සිටි ප්‍රධානීන් සහිත අපරාධකරුවන් එක මිටකට රැගෙන බවත්, උදාහරණ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගෙන් සහ මහජන ආරක්ෂක ඇමතිගේ උපදේශක රණවීරගෙන් පෙන්විය හැකි බවත් මුජිබර් පැවසුවේය. රෝහණ විජේවීරගේ නිවසේ දරුවන්ගේ රැකවරණයට සිටි කරුණක්කාගේ සොයුරු සයිමන් ඝාතනය කිරීමේ චෝදනාව ඇත්තේ වැලිපැන්න කඳවුරේ ප්‍රධානියා වූ රණවීරට බව කී මුජිබර් ඔවුන්ට නීතිය ක්‍රියාත්ම කරන්නේදැයි විමසුවේය.

මේ කොමිෂන් සභා වාර්තාව දශක තුනකට පසු යළි ඇදගැනීම හේතුවෙන් නැති කුණු කන්දල් ගොඩක් යළිත් තමන් වෙත පටවා ගැනීමට ආණ්ඩුවට සිදුවන පවසමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සිය ආන්දෝලනාත්මක කතාවේදී මෙසේ ද පැවසුවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“අපේ නියෝජ්‍ය ඇමතිතුමාගේ කතාවෙන් පස්සේ මම කතා කරන්නේ. එතුමා කතාව පටන් ගත්තේම මේ කොමිෂන් වාර්තාවේ අවසාන පිටු කීපයක් කියාගෙන. ඒ් කොමිෂන් වාර්තාවේ අවසන් වාර්තාවේ පිටු 161 සහි 162 මෙහෙම කියනවා. මමත් කතාව එතනින්ම පටන් ගන්නම්.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිළිබඳව පර්යේෂණ කොමිෂන් සභාවේ සමාප්ත නිරීක්ෂණ සටහන – ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වැනි සංවිධානවල හෝ සාමාජිකයින් විසින් සිදුකරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අපි කිසි ලෙසකින් සමාව නොදෙන බව අප ස්ථිර ලෙසම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවේ යෙදවීමට හේතු වූ කරුණු කුමක් වුවත් දේශපාලන බලය ලබා ගැනීම සඳහා 87-90 දක්වා වූ කාල සීමාවේ ඔවුන් අනුගමනය කරන ලද ක්‍රම වලට ඇස කණ පියාගත නොහැකිය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩ ක්‍රියාවල ප්‍රතිඵල ලෙස දේශපාලනඥයින් දේශපාලන ක්‍රියාධරයින් පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියෝ සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රචන්ඩ ක්‍රියා රජයේ සංවිධානවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵල ලෙස පොදු මහජනතාවට විශාල ලෙස දුෂ්කාරතාවලට මුහුණ පෑමට සිදුවිය. එම නිසා මෙයින් පැන නැගුණ තත්ත්වය අති විශේෂ තත්ත්වයක් විය. මේ භීෂණ ක්‍රියා නිසා අරාජික තත්ත්වයක් වාගේ උද්ගත විය.

මා මේක සභාගත කරනවා. මේක තමයි විශේෂයෙන්ම මේ බටලන්ද කොමිෂන් සභාවේ අවසාන පිටු ගණන්වල සඳහන් වෙන්නේ

සභාවෙන් – ඉතිරි කෑල්ලත් කියන්න.

මුජිබර් – ඉතිරි කෑල්ල ඔබතුමා කියන්න. ඔබතුමාගේ කතාවෙදි . මොකද මම කියන්නෙ මට ඔ්න ටිකනේ. ඔබතුමා කියවන්නේ ඔබතුමාට ඔ්න ටික. මොකද මේ විවාදය යන්නේ ඒහෙම තමයි. ඔබතුමාලා මේ කුණු කන්දක් ඇවිස්සුවේ. දැන් මේ කුණු කන්දේ ඒ පැත්තේ මේ පැත්තේ අපට ප්‍රහාර ගහගනන්න වෙනවා.

දැන් අවුරුදු 34 ක් 35ක් ගියාට පසසේ ඔබතුමාලට මේක මතක් වෙලා තියනවා. මොකද බටලන්ද කොමිසම 2001 දි තමයි සභාගත කරන්නේ. 2001 දි සභාගත කරනකොට මේ පාර්ලිමේන්තුවෙ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10ක් හිටියා. අනුර කුමාර ජනාධිපති තුමත් හිටියා. කවුරුත් කතා කළේ නෑ ඒ විවාදයෙ බටලන්ද ගැන. විජේපාල මෙන්ඩිස් මැතිතුමා මේක සභාගත කළාම එදා මේ කවුරුත් කතා කළේ නෑ. 10 දෙනාම නිශ්ශබ්දව හිටියා. ඇයි ඒ. අල් ජසීරා එක මේක මතක් කළාට පස්සෙ තමයි එක පාරටම නින්දෙන් නැගිටලා වගේ අම්මට හුඩු බටලන්ද එකක් තිබ්බා නේද. අපට අමතක වෙලා හිටියේ වගේ… කතාව පටන් ගත්තේ.

මේක සිද්ධ වෙලා අවුරුදු 34ක් 36ක් යනකම් නිකම් හිටියා. තමන්ගේ නායකයා මරලා දාලාත් තමුන්නාසෙල කතා කළේ නෑ. නිකම් හිටියෙ. දැන් අවුරුදු ගණනාවකින් පස්සේ දැන් ඇයි තමුන්නාසෙලට මේක මතක් වුනේ. අල් ජසීරා එක මේක මතක් කළේ නැතිනම් මෙතුමන්ලට මේක මතක් වෙන්නේ නෑ. මෙතුමලා බලය ගත්තේ සිංගප්පූරුවේ ඉන්න මහ බැංකුවේ අධිපති තුමාව ගේනවා කියලා. ඒක ගෙන්නගන්න බෑ. දැන් ඡන්දේට මාතෘකාවක් ඕන මේක චූන් කරලා ගන්න.

දැන් 88-89 ආයුධ සන්නද්ධ ව්‍යාපාරය ඇතිවෙන්නක මූලික කාරණාව අපි දන්නවා. ඒකට ආවේ ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක. ඉන්දියන් විරෝධයත් එක්ක. මේ රටේ දෙමළ ජනතාවට යම් බලයක් දෙනවට විරුද්ධව ගහපු කැරැල්ලක් ඕක. මේක කොහොමද ජාතිවාදි නෑ කියන්නෙ. පලාත් සභා එපා කිව්වා. පළාත් සභා රට බෙදනවා කිව්වා. පළාත් සභා ඉල්ලන මිනිස්සුන්ව ඝාතනය කළා. පළාත් සභාවලට ඡන්දය දාන මිනිස්සුන්ගේ ඇඟිලි ටික කැපුවා.

එදා ඉන්දු ලංකා ගිවිසුම ගහලා පළාත් සභා ගෙනාවේ මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න. මෙතුමන්ලා කිව්වා පළාත් සභා රට බෙදනවා කියලා. ඊට පස්සේ 94න් පස්සේ පළාත් සභාවලට ඇවිත් පර්මිට් ටිකත් ගත්තා. වාහන පර්මිට් ගත්තා. නැහැයි කියන්න බලන්න. මේ මාත් එක්ක 2009 මේ ඉන්න මන්ත්‍රිවරු ටික හිටියා. ඔක්කොම ගත්තා පර්මිට් ටික. බස්නාහිර පළාත් සභාවේ.

ඔබතුමන්ලගේ නායක තුමා මැරුණා. අවුරුදු 36ක් ගියා. ඔබතුමන්ලා හොයන්න උනන්දු වුනේ නෑ. රෝහණ විජේවීර මෙතුමන්ගෙ නායක තුමා ඝාතනය කළා. අවරුදු 36ක් ඒ ඝාතන ගැන හොයන්න ගෙනාපු යෝජනා කියන්න. කරේ නෑ.

තමුන්නාසේලා මේ ආණ්ඩු හදන්නේ පළවෙනි පාරද?. නෑ… තමුන්නාසෙලා චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවක් හැදුවා. අනුර කුමාර දිසානායක මහත්මයා ඒකෙ ගිහින් ඇමති වෙලා වැවු ටික හාර හාර හිටියා. එතකොට මතක් වුනේ නෑ.

ඊලඟට සුනාමි චෝදනා පිළිබඳ මුදල් හොරකම් කිරීම ගැන චෝදනාව ලැබුන මහින්ද රාජපක්ෂත් එක්ක එකතුවෙලා එයාව ජනාධිපති කරන්න වැඩ කළා. එතකොට ඉල්ලුවද බටලන්ද කොමිසම ගේන්න කියලා. එතකොටත් ඒක කිවුවේ නෑ.

ඊලඟට රනිල් වික්‍රමසිංහ හදපු යහපාලන ආණ්ඩුවේ විධායක කමිටුවේ තමුන්නාසෙලගේ ජනාධිපතිවරයා ඒකේ ප්‍රධාන නිලයක වාඩිවෙලා හිටියා. රනිල් එක්ක. දැන් රනිල්ව පට්ට ගහනවා. ෆොන්සේකාව දිනවන්න 2010 අනුරයි රනිලුයි එක වේදිකාවෙ හිටියා. මමයි හඳුන්නෙත්තියි එක වේදිකාවෙ හිටියා. මොකක්ද මේ රනිල්ට විරුද්ධව කෑ ගහන්නේ. රනිල් එක්ක ඔය එකට හිටියේ. අපිද හිටියෙ රනිල් එක්ක. රනිල් එක්ක එකට හිටියා. රනිල් අගමැති කාර්යාලේ මේ එහා පැත්තේ ඉද්දි දැන් තමුන්නාසෙලගේ හරිනි අගමැති තුමිය ඉන්න කාර්යාලයේ රනිල් ඉන්නකොට අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ වැඩි හරියක් හිටියේ ඒ කාමරේ. දන්නෙ නැතිනම් අහගන්න අපෙන්.

අපි තව කියන්නේ නෑ. අපි තව කිව්වොත් ගරු සභාපති තුමනි මම තව කිව්වොත් මෙතුමන්ලා අසරණ වෙනවා. ඒ හින්දා මම දන්න දේවල් කියන්නේ නෑ. ඒ හින්දා ඡන්ද බලාගෙන බටලන්ද ගැන ඇදලා නිකම් නාගන්න එපා.

89 තිබුණා ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධීකාරක වෙලා හිටිය මාතලේ සමූහ මිනීවල . විජය විද්‍යාලයේ. ගෙස්ට් හවුස් එකේ. 2022 දි අරගල භූමියට ගෙනත් වාර්තා ටික බෙදුවා. ගෝඨාභය රාජපක්ෂ වගකියන්න ඕන ඒකට. ආණ්ඩුව ආපු ගමන් අඩුම ගානේ ඒ පළිබඳව යෝජනාවක් ගෙනාව ද?. අරගල භූමයේ ඒ වාර්තාව බෙදුවා. ඡන්දෙන් පස්සේ ඒක වැලලිලා ගියා.

දැන් තමුන්නාසෙලගේ තියනවා විශ්‍රාමික හමුදා සංවිධානයක් තියනවා. තියනවනේ එහෙම සංවිධානයක්. ඒ සංවිධානයේ ඉන්නේ ඔක්කොම 66 -60 අය. දැන් ඒ සංවිධානයේ කී දෙනෙක් ඉන්නව ද 88-89 කාලේ හමුදා කඳවුරුවල නායකත්වය අරන් මේ මර්ධනය දියත් කරපු අය. මට කියන්න පුලුවන්නම්… දැන් තමුන්නාසේලගේ ඉන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමති තුමා. එයා හිටියා එක කඳවුරක් භාරව. එයාගෙ විකිපීඩියා එකට ගිහින් බලන්නකො. මොකක්ද ප්‍රොෆයිල් එක. 88-89 ජේවීපී කැරැල්ලෙදි එයා ඒක මර්ධනය කරන්න නායකත්වය අරන් වැඩ කරලා තියනවා. කවුද?. තමුන්නාසෙලගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති තුමා. ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නව ද කියන්නකො.

ඒකයි මම කිව්වෙ මේ විවාදය පටන් ගන්නකොට ඕගොල්ල කුණු කන්දක් ඇවිස්සුවේ කියලා. මොකද ඔයගොල්ලන්ගේ පැත්තේ ගොඩක් අය ඉන්නවා එකතු වෙලා ඒ අපරාධවලට වගකියන්න ඕන කට්ටිය. ඉන්නවා දැන් ඔයගොල්ලනගේ ආණ්ඩුවේ.

මම ඒ කාලයේ විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය හදාරන ශිෂ්‍යයෙක්. එදා මමත් තමුන්නාසෙල හදපු ඔය සිසු ජන සහයෝගීතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙක්. තමුන්නාසේලගේ නාගරික සංවර්ධන අධිකාරියෙ සභාපති තුමා ඒකේ හිටියා. සුගත් අලහකෝන් කැඳවුම්කරු . මම ඒකේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් විදිහට වැඩ කළා. මම හිතන්නේ නෑ මෙතන ඉන්න කවුරුත් එකේ හිටියා කියලා.

දැන් තෝරදෙණිය ගන්නකො. තෝරදෙණියට තමයි විජේවීර මැරුවා කියලා චෝදනාව තියෙන්නෙ. තෝරදෙනිය මාලදිවයිනේ ඉන්නකොට තමුන්නාසෙලගේ හඳුන්නෙත්ති එක්ක උත්සවයක් විවෘත කරන්න ගිහින් එකට ඉන්නවා. එයා ඉන්නවා. එයා එක්ක එකට ෆොටෝ ගහලා තියනවා. එයා තමයි විජේවීර මැරුවා කියලා පෙරටුගාමී පක්ෂයේ ඉන්න එතුමා මාධ්‍යට කිව්වා. තමුන්නාසෙලගේ ඇමති තුමා ගිහින් කොහොමද තෝරදෙණිය එක්ක හිටගන්නේ.

දැන් රණවීර. ඔයගොල්ලන්ගේ පොලිස් අමාත්‍යාංශයේ ඇමතිවරයගෙ උපදේශක. එයා තමයි වැලිපැන්නේ තිබුණ කඳවුරේ නායකයා. එයාට චෝදනා රාශියක් තියනවා. තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවුවා කියලා එයාට චෝදනා රාශියක් තියනවා. එයාව දාගෙන තමයි තාජුඩීන්ව හොයන්නේ.

විජේවීර… තමුන්නාසෙලගේ නායක තුමාගේ ගෙදර දරුවො ටික බලාගෙන හිටියේ පක්ෂයේ පූර්ණ කාලීන සහෝදරියක්. එයා ගෙ නම තමයි කරුණක්කා. කරුණක්කාගේ අයියා සයිමන්ව අරන් ගිහින් වැලිපැන්න කඳවුරේ මරනවා. ඒක මෙහෙයුවේ රණවීර කියන තමුන්නාසෙලගේ උපදේශක තුමා. දන්නෙ නැතිනම් දැනගන්න…

ගන්නවද රණවීරව අත් අඩංගුවට. මට කියන්නකො. හොයලා බලන්න දන්නේ නැතිනම්. මෙතන ඉන්න එන්පීපී කට්ටිය ඕක දන්නේ නෑ.

දැන් ගන්නකො මෙතන ඉන්න අධිකරණ ඇමති තුමා. එයාගෙ තාත්තා යසපාලිත නානායක්කාර. මහජන පක්ෂයෙ. පළාත් සභා මන්ත්‍රී මහජන පක්ෂයෙ. මරන්න හැදුවා. ජේ.ආර්. ජයවර්ධන දීපු තුවක්කු ටික හින්දා තමයි ජීවිතේ බේරගත්තේ. එතුමාගේ තාත්තා. අහන්න එතුමාගෙන් තාත්තා කොහොමද හැංගිලා හිටියේ කියලා.

ඊලඟට ඔසී අබේ ගුණසේකර එක්ක එතුමාගේ තාත්තා දේශපාලනය කළේ. ඔසී හැදුවා ජේ.වී.පී එකට විරුද්ධව ආණ්ඩුවේ සහයෝගය අරන් ප්‍රා එකක්. එහෙනම් හර්ෂණගේ තාත්තටත් තමුන්නාසෙලා ඒ චෝදනාව දානව ද?. අද තමුන්නාසෙලා වෙනස් වෙලා හරි තමුන්නාසෙලා වෙනස් වෙලා ඉන්නවා. ඒක ගැන අපට ගැටලුවක් නෑ.

මම කියන්නේ අතීතය කතා කරන්න ගියොත් කාගෙ කාගෙත් කුණු ඇවිස්සෙනවා. ඒකයි මම විවාදය පටන් ගන්නකොට කිව්වේ.

දැන් 88-89 තමුන්නාසෙලා කියපු විදිහට හමුදාවෙ ඉඳගෙන පොලිසිවල ඉඳගෙන ඒ අපරාධ කරපු අය දැන් තමුන්නාසෙලා එක්ක එකතු වෙලා ඉන්නවා. තමුන්නාසෙලාගෙ ආණ්ඩුව නියෝජනය කරනවා. දැන් ඒ අය ආරක්ෂා කරනව ද?. අපරාධ කරපු අයත් එක්ක එකතුවෙලා තමයි දැන් ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ අයගෙ සහයෝගය ලැබිලා තියනවා. එයාලට දෙන දඬුවම දෙන්න. බටලන්ද විතරක් නෙමෙයි නේ තිබුණේ. එතකොට ඒ අයට දෙන දඬුවම කියන්න. කඳවුරු තිබුණා දෙසීය ගාණක්. උතුරු නැගෙනහිර කඳවුරු තිබුණා. යුද්ධය නිසා උතුරු නැගෙනහිර කඳවුරුවල විශාල සිද්ධි ප්‍රමාණයක් වුනා. මේ සියලු කඳවුරුවල වුන සිද්ධි ටික අරන් තමුන්නාසෙලා ඉස්සරහට එන්න ඕන.

මේ ආණ්ඩුව හදන්න හොර සහතික ගහපු අයත් එකතු කරන් ඉන්නවා. උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියලා බොරු කියපු අයත් එකතු කරන් ඉන්නවා. තමන්ව මරපු අයත් එකතු කරන් ඉන්නවා. තමන්ගේ නායකයව මරපු අයත් එකතු වෙලා ඉන්නවා. එහෙම ඔක්කොම එක මිටකට එකතු වෙලා තමයි මහත්තයො මේ ආණඩුව හදලා තියෙන්නෙ. ඒ මිට ඇතුළෙ අපරාධ කරපු අය එකට ඉන්නවා. මේක හොයන්න ගියොත් මම හිතන්නේ පාර්ලිමේන්තුවෙ ගොඩක් අයටත් එළියට යන්න වෙනවා. ආණ්ඩුවෙ ඉන්න නිලධාරී තන්ත්‍රය, රාජ්‍ය තන්ත්‍රය, තමුන්නාසෙලගේ ලේකම්වරු, සභාපතිවරු,…. ඒ අය ඔක්කොටම එළියට යන්න වෙනවා.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ ගෙනත් ඇත්තේ බටලන්දක් නොව ඡන්ද ලන්දක් බවය. මේ ඡන්දය ඉවර වූ පසු මේ වාර්තාව නැවත වරක් ලන්දකටම විසිකරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුට ඇප…

Next Post

රනිල් වගේ මනෝ විකෘතික වධයෙකුට ලෝකයේ ඉන්න හොඳම විමර්ශකයින් ගෙන්වලා හරි නීතියෙන් දෙන්න පුලුවන් ඉහළම දඬුවම දෙනවා… බිමල් සහතික වෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.