බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වගේ මනෝ විකෘතික වධයෙකුට ලෝකයේ ඉන්න හොඳම විමර්ශකයින් ගෙන්වලා හරි නීතියෙන් දෙන්න පුලුවන් ඉහළම දඬුවම දෙනවා… බිමල් සහතික වෙයි!

by editor
අප්‍රේල් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මෙවැනි මනෝ විකෘතික අපරාධකරුවන් නැවත කිසිදා මහ ජන නියෝජිතයින් බවට පත් කරගත යුතු නැති බව අපේ දරුවන්ට හැඟෙන පරිදි ඉතිහාසය ලියැවිය යුතුයි… බිමල් පවසයි….

බටලන්ද වධකාගාරය පවත්වා ගෙන සිදුකළ ම්ලේච්ඡ අපරාධය ඇතුළු උතුරේ, දකුණේ, නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම තැනකම සිදුකළ මානුෂික අපරාධ සම්බන්ධව විමර්ශනය කරන බවත් එම විමර්ශන සිදුකරන්නේ පළිගැනීමේ ප්‍රවේශයකින් නොව සමගිය සහ සංහිඳියාව අරමුණු කරගෙන බවත් සභානායක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු සහතික කර ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම කළාක් මෙන් මෙම අපරාධවල ප්‍රධාන වධකයින්ට අනිවාර්යයෙන්ම අධිකරණ මගින් දඬුවම් දෙන බවය.

“ලෝකයේ ඉන්න හොඳම නිලධාරීන් ගෙන්වලා හරි රනිල් වික්‍රමසිංහට විරුද්ධව නීතියෙ ඇතුළෙ කරන්න පුලුවන් හැම පරීක්ෂණයම කරලා ඒ මිනීමරුවන්ට ඔවුන්ගෙ ජීවිතයේ අවසාන කාලයේ හරි අනිවාර්යයෙන් දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා.”

“හැබැයි මතක තියාගන්න. එහි ප්‍රධාන වධකයින්ට පමණයි. ප්‍රධානම මිනීමරුවන් නිදැල්ලේ හිඳීමෙන් අපි මොනතරම් සංහිඳියා දෙයක් කළත් ඒක තහවුරු වෙන්නෙ නෑ. රනිල්ලා වගේ විකෘති මනසක් තිබෙන අති දැවැන්ත ඝාතකයො මින්ස්සුන්ට හිරිහැර කරමින් මරපු ඒවා වින්දනයට ලක් කරපු අමු වධකයොන්ට දඬුවම් දීලා,  ඉතිහාසයෙ ලියන්න ඕන අපේ රටේ දරුවන්ට මේ වගේ වධකයින්ට මානසික රෝගීන්ට නැවත කිසිදාක මහජන නියෝජිතයන් ලෙස එන්න ඉඩ නොදිය යුතුයි කියලා.” බිමල් රත්නායක කීවේය.

ඔහු මෙසේ ද කීවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

රටක යුක්තිය ඉටු කරගැනීමේ සංහිඳියාවේ වගකීම තියෙන්නේ ඒ රටේ සෑම දේශපාලන පක්ෂයකම දේශපාලන නායකත්වයට. ඒ සංහිඳියාව ගොඩනැගී තිබෙන මහා ඛේදවාචකය, වෛරය පීඩනය සමාජයක තැන්පත් වෙලා තිබෙනවා නම් ඒකෙන් ඒ සමාජය ගලවා ගන්න එක ඒ ක්‍රියාවලියට සම්බන්ධවෙලා වින්දිතයින් වෙච්චි අයට පමණක්වත් නැතිනම් ඒ වධකයන් ලෙස සහභාගී වෙච්චි අයගෙත් පමණක් වගකීමක් නෙමෙයි.

‍මොකද කවදාවත් අපේ ලංකාවට මේ පිළිබඳව යුක්තිය පසිඳලීමෙන් තොරව ලංකාවට හුස්ම ගන්න බෑ.

මේ බටලන්ද වාර්තාව ගැන ගොඩක් කරුණු කියන්න තියනවා. මේ බටලන්ද වාර්තාව අප විසින් සකස් කළ එකක් නොවෙයි. මෙම වාර්තාව සකස් කළ නිලධාරීන්ට නිසි ගෞරවය ඇතිව උනත් මම කියන්න කැමතියි මේ වාර්තාව සකස් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවට ඡන්දය දිනන වෙලාවෙදි 1997 දි මේක වැදගත් වුනාට මේ වාර්තාව එළිදක්වන වෙලාවෙදි කිසිිම අදහසක් තිබුණේ නෑ මේ වාර්තාව සහ ඒ වටේ හිටිය පක්ෂයකටවත් මේ වාර්තාව සකස් කරගන්න.

ඒ නිසා තමයි මේ වාර්තාව චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉතාම ධරුණු විදිහට මේ රටේ දරුවන් අහිමි වෙච්චි අම්මලාගේ කඳුළු ගසා ගන්න 94දිත් ඊට පස්සේ 99දිත් උතුරේ දකුණේ දෙකේදිම පාවිච්චි කරගත්තා මිසක් යුක්තිය ඉටු කරගන්න උවමනාවක් තිබුණෙ නෑ. ඒ නිසා මේකෙ පරික්ෂණ වුනත් කරන්න නිලධාරීන්ට අවශ්‍ය හොඳම ශක්තිය හොඳම ධෛර්ය ලැබුණා කියලා. නමුත් අපි එදත් ගරු කළා ඒ සීමාවන් යටතේ වුනත් ඒ නිලධාරීන් යම් කිසි යුක්තියක් මේ වාර්තාව සකස් කිරීමෙන් සිදුකරලා තියනවා.

මේ වාර්තාවේ ගොඩාක් ඓතිහාසික කරුණු තියනවා. මම කියන්න කැමතියි අපි අරගලයක ඉඳලා තියනවා. අපි ටී පාටියක හිටියේ නෑ. අරගලයේ එක් පැත්තක් එක්සත් ජාතික පක්ෂය. අනෙක් පැත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව.

හැබැයි මේ අතරෙ බටලන්ද වාර්තාවේ මෙහෙම කියනවා.
එකල පැවති රජය තුළ මෙන්ම බාහිරව සිටි යම් යම් දේශපාලන පක්ෂ ද මේ ගිවිසුමට විවෘතව විරුද්ධ වූ බව සැලකිල්ලට ගත යුතුය. ජනතා විමුක්ති පෙරමණ එක කඳවුරක්. අනෙක් පාර්ශවය එක්සත් ජාතික පක්ෂය. කවුද මේ බාහිරව හිටපු කට්ටිය.

1987 ජුලි 29 වැනිදා පිටකොටුව බෝ ගහ ලඟ වාඩිවෙලා උද්ඝෝෂණය කළ කට්ටිය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා සිරිමාවො බණ්ඩාරනායක නෙමෙයි ද?. දිනේෂ් ගුණවර්ධන නෙමෙයි ද?. මම පුංචි පාසල් ශිෂ්‍යයෙයක් විදිහට මට තාමත් මතකයි. 141ක් වෙඩි තියලා මැරුවා. මිනිස්සු 141ක් වෙඩි තියලා මැරුවා. මොනව කරලා ද?

ඔබතුමා දන්නවා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්නේ 1983 දි. 87 වෙනකම් මේ රටේ සන්නද්ධ අරගලයක් තිබුණෙ නෑ. තිබුණෙ අවුරුදු 04ක් මර්ධනය. අවුරුදු 04ක් ඝාතනය. අවුරුදු 04ක් විනාශය. අවුරුදු 04ක් රට හොකරම් කරන එක.

අපි අහන්න කැමතියි 1987 ඉන්දු ලංකා ගිවිසුම දවසේ කවුද මංකොල්ල කෑවෙ. කවුද ගිනි තිබ්බේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි නෙමෙයි. වැඩිම ප්‍රමාණයක් එ් සඳහා යොමු වුනේ ඒ කාලයේ හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය. නායකයො. ඔවුන් තමයි විපක්ෂ ප්‍රධානීන් ලෙස හිටියේ. අපි කුඩා පක්ෂයක්. අපි සංවිධානාත්මක කුඩා පක්ෂයක්. 1986 මාදුළුවාවේ සෝබිත හාමුදුරුවො තමයි මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ගොඩනගලා ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ දුර්දාන්ත පාලනයට, මිනී මරන්න කැරකොප්පුව පටන් ගන්න කලින් නැගිට්ටෙ මාදුලුවාවෙ සෝබිත හාමුදුරුවො. සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා. මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො. අද උන්වහන්සේලා කොයි තැන හිටියත්.

මට කියන්න ඕන කම තිබුණෙ මේකයි. කවුද මේ බාහිර පාර්ශවය. අපි කඳවුරු දෙකේ සටන් කරපු එක එක මට්ටමක් තියනවා. ඔව්. එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි මූණට මූණ බැරිකේට් දෙකේ සටන් කළා. ඒක ඇත්ත. හැබැයි තව කට්ටියක් හිටියා ජනතාවගෙ නැගිටීමත් එක්ක ජනතාව එක්ක ඉඳලා ඒ අස්සේ එක එක දේවල් හොරකම් කළා. මේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ නායකයො තමයි එතන වැඩිපුර හිටියේ. දවල්ට දේශප්‍රේමී අරගලය එක්ක ඉන්නවා. රෑට ජේ.ආර්. එක්ක ඉන්නවා. ඒ අය තමයි අද මෙතන දඟලන්නෙත්.

ලැජ්ජා හිතෙනවා ඒ ගැන. මට ඇත්තටම එක්සත් ජාතික පක්ෂයෙන් වධකාගාර පවත්වාගෙන ගිය පැහැදිලි වධකයො ගැන මට පිළිකුලක් නෑ. මට තියෙන්නෙ දේශපාලන තරහක් . හැබැයිමේ වගේ සෙවලයො ගැන පිළිකුලක් තියෙන්නෙ. මේ ගොල්ල තමයි ගරු සභාපති තුමනි.. සාක්ෂි සටහන් තියනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මට කියලා තියනවා. දැන් ගොඩක් අය මෙතන නෑ . පැරදිලා ගෙදර ඉන්නේ.

ඔවුන් මට කියලා තියනවා ඔව් බිමල්… අපි සටන් කළා තමයි. යුද්ධ කළා තමයි. හැබැයි අහවල් කඩේ කැඩුවේ අහවල් බලු වැඩේ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අහවලා කියලා. මම මේක කියන්නේ ශ්‍රී ලංකා එකේ නායකයින්ට. ශ්‍රි ලංකා එකේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි. ඒ දේශපාලන සෙවලයො ගැරඬි 94 දි මේ මිනී ටික විකුණගෙන කෑවා.

විකුණගෙන කාලා ආතක් පාතක් නෑ… දැන් ඉන්න පක්ෂය මතකත් නෑ මේ දේශපාලන සෙවලයින්ට. පක්ෂය කියන්න බෑ. ඒ දේශපාලන සෙවලයො අද ඇවිත් අනුර සහෝදරයා පාවිච්චි කළ නමක් ගැන කියනවා. අනුර සහෝදරයා හිටියේ ඝාතකයින් වෙඩි තියලා මරන්න හිටිය ලයිස්තුවේ. අපි ආඩම්බර වෙනවා අපේ නායකයා අපි බේරගෙන මේ තැනට ආපු එක ගැන. මේ ගොල්ල හිටියේ මොන ලයිස්තුවල ද?. මේ ගොල්ල හිටියේ සෙවලයින්ගේ ලයිස්තුවල. අනුර සහෝදරයට කමල් කියලා වැටුනේ පණ බේරගන්න ඕන නිසා. ඔබතුමා දන්නවද?. හෝචි මිං ට පාස්පෝට් කීයක් තිබ්බද?. ලෙනින්ට පාස්පෝට් කීයක් තිබ්බ ද?. ලෝකය පුරාම විමුක්ති අරගලවල නායකයො නෙම් දෙකෙන් නෙමෙයි… නම් පහලොවකින් පෙනී ඉඳලා තියනවා. ඝාතකයින්ගෙන් ගැලවෙන්න. අනුර සහෝදරයගෙ නම ඝාතකයින්ගේ ලයිස්තුවේ තිබ්බ නිසා තමයි මොනව හරි නමක් තිබ්බා නම් තිබ්බේ. හැබැයි මේ ගොල්ලන්ගේ නම් තිබුණේ පාවා දෙන සෙවලයින්ගෙ ලයිස්තුවල.

මම ඒකයි කිව්වේ. එක්සත් ජාතික පක්ෂයේ අපි බැරිකේට් දෙකේ දෙපැත්තේ මොනවා හරි හේතුවකට සටන් කළා. මට තියෙන්නේ දේශපාලන ප්‍රතිවිරෝධයක් මිසක් පිළිකුලක් නෑ. මොන සෙවල දේශපානයක් ද?

මේ රටේ මේ සංහිඳියාව පිලිබඳ ප්‍රශ්නය අමතක කරන්න පුලුවන් ද?. බටලන්ද වාර්තාවෙ එකම නිර්දේශයක් ගැන එකම කරුණක් ගැන කතා කළා ද?. ඔබතුමන්ලා මේ තුවාලය සනීප කරන්න යන්නේ කොහොමද?. මේ ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මයේ තියන මහා විශාල සිදුරට 71 දි , 87-90 දි, ඒ වගේම අවුරුදු විසි ගණනක උතුරෙ යුද්දෙ මේ මහා ආධ්‍යාත්මයේ තියන සිදුර පිළිබඳව බලන්නේ මෙහෙම ද?. මේ තුවාලය සනීප කරගැනීම පිළිබඳ දේශපාලන පක්ෂ විදිහට ඔබතුමාට කිසිම වගකීමක් නැද්ද?.

සභාපති තුමනි. ඔබතුමා දන්නවා මේ බටලන්ද වාර්තාවේ තිබෙනවා මෙහෙම. මේක රිඇක්ෂන් එකක්. ඔබතුමා දන්නවා. 1977 ඉඳලා ඇතිවුන තත්ත්වය. ජේ.ආර්.ජයවර්ධන 1982 ඡන්දය කල් දැම්මේ එක්සත් ජාතික පක්ෂයට කුමණ තර්ජනයක් තිබිල ද?. මම පිළිගන්නවා. 2022 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිනිස්සු හාර පන්සීයක් මරන්න ඔඩ්ර් එකක් දුන්නා නම්…. මට තේරෙනවා එතුමගෙ තනතුර ඔන්න මෙන්න තිබුණේ. එතුමට විරුද්ධව මහ ජනතාව නැගිටලා තිබුණේ. ඒ වගේ වෙලාවක අවාසනායේ දි එතුමා බලය පාවිච්චි කළා නම් සාධාරණ නැති වුනත් ඒක අපට තේරුම් ගන්න පුලුවන්.

මම අහන්න කැමතියි 1981 සංවර්ධන සභා චන්දය යාපනයට ගිහින් මංකොල්ල කද්දි මොන ප්‍රශ්නයක් ද එක්සත් ජාතික පක්ෂයට තිබුණේ. හයෙන් පහක බලයක් තිබුණේ. විපක්ෂ නායකවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තිබුණා. 71 මිනී මරපුවට තමයි ඒ.  නිකම් බණ භාවනා කරලා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලයට කිසිදු තර්ජනයක් 1981 යාපනයේ ඡන්ද මංකොල්ල කනකොට තිබුණේ නෑ. 1982 දි පාර්ලිමේන්තු ඡන්දය කල් දානකොට තිබුණෙ නෑ. 1983 මහා කළු ජූලියක් ගෙනත් මේ රට සහදහටම වෙනස් කරලා තිබෙන්නේ. අපට අපේ රටින් ගිය මිලියන 3ක් වුන දෙමළ ජනතාව දෙමළ දරුවො අපට නැවත ගෙන්වන්න බෑ… මේ ඇතිවෙච්චි මහා පැල්ම තව පරම්පරා දෙකක්වත් යනකම් අපට සම්පූර්ණයෙන් සමහන් කරන්න බෑ. ඒ මට්ටමේ තැනකට ගියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2022 අප්‍රේල් මාසයේ පත් වුන තත්ත්වයට ජේ.ආර්. ජයවර්ධන ගිහින් නෙමෙයි. ප්‍රේමදාස ඒ තත්ත්වයට පත් වෙලා හිටියෙ නෑ.

ඒකයි මම කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිපති තක්කඩි නායකයො රොත්තක, ඒ දේශපාලන මිනීමරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් විනාශ කළ මාතෘ භූමියක් මේක.

කොලොම්බස් ගිහින් සම්පූර්ණයෙන් බහමාස් විනාශ කරනකොට, පෘතුගීසීන් ඇවිත් සම්පූර්ණයෙන් ලංකාව විනාශ කරනකොට, අපි කරපු දේකට නෙමෙයි. මේ කියන්නේ ඒකනේ. මේ රටේ දෙමළ ජනතාවවත්, කොමියුනිස්ට් පක්ෂයවත් මේ ගොල්ලන්ගේ බලයට කිසිදු තර්ජනයක් කරලා තිබුණෙ නෑ. සරච්චන්ද්‍ර මහත්තයා කානු පල්ලේ දාලා ගැහුවේ එතුමා ජේ.ආර්.ගෙන් බලය ගන්න ගියා ද?. විවියන් ගුණවර්ධන මැතිනිය… කාන්තාවක්…

ඒකයි මම කිව්වේ තමන්ගේ දේශපාලන ඉතිහාසය කණපිට ගහගත්තු හිවල්ලු දකිනකොට ඇත්තටම මට කතාවත් අමතක වෙනවා.

ඒ නිසා ගරු සභාපති තුමනි. එක්සත් ජාතික පක්ෂය 1979 ඉඳන් පටන් ගත්තු ගමන කිසිම සමාජ දේශපාලන තර්ජනයක් ඇති වෙච්චි නිසා නෙමෙයි… එක්සත් ජාතික පක්ෂයේ රනිල්, ජේ.ආර්., ප්‍රේමදාස, රන්ජන් විජේරත්න වගේ දේශපාලන තක්කඩියන්ට සදා බලේ ඉන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඩෝසර් කරන්න හදපු දුෂ්ඨ ප්ලෑන් එකක් නිසා වෙච්චි දෙයක් මිසක් සමාජ දේශපාලන ප්‍රතික්‍රියාවකට ආණ්ඩුවක් දක්වපු ප්‍රතික්‍රියාවක් නෙමෙයි.

බටලන්ද කොමිසම මොකක්ද කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිට කරපු දේට ප්‍රතික්‍රියාවක් කළේ. 1983දි තහනම් කළේ. සන්නද්ධ වීම සම්බන්ධ දේශපාලන අරගලය පටන් ගත්තේ 87 ඉන්දු ලංකා ගිවිසුමටත් පස්සේ. අපි ඇති තරම් ලියුම් ලියලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදීව උපරිමව කටයුතු කරලා තියනවා.

අපේ පලවෙනි සාමාජිකයා උස්සලා මැරුවේ 1984 අනුරාධපුරයේ දී. අපි ආයුධ ගත්ත ද?. නෑ… ආයුධ ගැනීම පිළිබඳ රොමැන්ටික් දේශනා දෙන අයට වඩා අපි දන්නවා ආයුධ කියන්නේ ගිටාර් වගේ නෙමෙයි. ගත්තට පස්සෙ බිමින් තියන්න බෑ. ගන්නවා නම් ඒක ගන්න ඕන ගඟේ එහා පැත්තටම පීනන්න බලාගෙන. ගඟ මැද්දෙදි ඒක අත්හරින්න බෑ. ඒ නිසා මගේ පක්ෂය 83 තහනම් කරලා ඊට කලින් ඉඳලත් බොහෝ දේ කරලා අවුරුදු ගණනක් ජේ.ආර්. හැම අපරාධයක්ම කරද්දිත් ආයුධ ගත්තේ නෑ. ඒක තමයි ඇත්ත. අද මේ විවාදය ලංකාවෙ ඉතිහාසය ජනතාවගේ පැත්තෙන් අලුතින් ලියන දවසක්.

මේ සාකච්ඡාවම ඕන වෙන්නේ ඇයි. අපි දන්නේ නැද්ද රනිල් මිනී මරුවෙක් කියලා. ඒකට බටලන්ද වාර්තාවක් ඕන වෙන්නේ නෑ. මෙතන ඉන්නවා පෞද්ගලික වධකාගාර හිමියො. දැන් ගොඩාක් සුද්ද කරලා තියනවා ජනතාව. තව එකක් දෙකක් ඇවිත් ඇති අහම්බෙන්. ඒ අය මිනී මරුවො කියලා ඔප්පු කරන්න බටලන්ද ඩිබෙට් ඕන නෑ.

නමුත් ඕනකම තියනවා මේ රටට කියන්න මේ මාතෘ භූමිය සදහටම විනාශ කරන්න උතුරෙත් දකුණෙත් යුද්ධය ඇති කිරීම කළේ වෙන මුකුත් නිසා නෙමෙයි. තනිකරම බල දේශපාලනික උවමනාව නිසා. එතන අන්ර්ජාතික ප්‍රශ්නයක්වත් වෙන මුකුත්වත් තිබුණෙ නෑ.

අපෙන් ආවේ රිඇක්ෂන් එකක්. ඒ රිඇක්ෂන් එක ආවෙත් පරක්කු වෙලා. අපි පේවෙලා හිටියෙ නෑ මේ දේකට. මේක නෙමෙයි අපේ අරමුණ තිබුණෙ. අපි 1981ත් ඡන්දයට ඉදිරිපත් වුනා. බටලන්ද කොමිසමේ කියනවා ජනතා විමුක්ති පෙරමුණට පැවරූ තහනම තව දුරටත් ක්‍රියාත්මක විය. ඒ වෙනකොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල අසුන් හිමිව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ට එම සභාවල රැස්වීම් තුනකට පිට පිටම නොපැමිනීම නිසා එම අසුන් අහිමි වී තිබිණි.

තනි වාක්‍යයෙන් ලියලා තියනවා. මේ දේශපාලන සමාජයේ ප්‍රතිවිපාක කොච්චර ද?. මේ අහිමි වුනේ 1983.. අපි අරගලය පටන් ගත්තේ 1987. මේකේ තියනවා 1987 ජුනි 02 දින ඉන්දියන් ගුවන් හමුදාව උතුරට එවා මානවවාදී ආහාර හෙළීමේ අපකීර්තිමත් සිද්ධියත් සමගය. බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට විරුද්ධව වඩමාරච්චි සටන නැවැත්වීමට රජයට සිදුවිය.

බටලන්ද කොමිෂන් එක කියන්නේ අපකීර්තිමත් මෙහෙයුම කියලා. මේකෙනුත් පස්සේ තමයි අපි අපේ බහුජන අරගලය සන්නද්ධ කළ යුතුද නැද්ද කියන සංවාදය පටන් ගන්නේ. ඒ නිසා අපට කියන්න කැමතියි මෙහෙම තමයි අපි දේශපාලන ගමන ඇවිත් තියෙන්නේ.

මේ රටේ මේ යුක්තිය පසිඳලීමේ ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණ මත පවතින දෙයක් නෙමෙයි. සමහරු ඇහුවා ඇයි අපි කලින් ඇහුවෙ නැත්තේ කියලා. අපි මිනීමරුවන්ගෙන් යුක්තිය ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමදාම කියලා තියනවා. විජේවීර සහෝදරයා ගැන හෝ වේවා වෙන ඕනෑ කෙනෙක් ගැන හෝ වේවා සාධාරණ විනිශ්ඡය අධිකාරියක් තියන කාලෙක තමයි අපි අහන්නේ කියලා.

අපේ පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා ගලප්පත්ති සහෝදරයා. එතුමා නියෝජ්‍ය ආරක්ෂක ඇමති රත්වත්තෙගෙන් ඉල්ලුවා මේ ඝාතන ගැන කොමිෂන් එකක් දාන්න කියලා. රත්වත්ත කිව්වේ පොලිසියෙ පැමිණිල්ලක් දාන්න කියලා.

සූරියකන්ද ඇටකටු විකුණගෙන රත්වත්තෙලා ආවේ. අපි දැක්කා ඒ වධකයො සුසන්ත පුංචිනිලමේ සහ පවිත්‍රා වන්නිආරච්චි එක පක්ෂයේ හිටියා. සූරියකන්ද ඝාතකයා නන්ද මැතිව් සහ චන්ද්‍රිකා එක වේදිකාවේ හිටියා. එක පක්ෂයෙ හිටියා. ත්‍රීමා විතාරණ සහෝදරයට ඇණ ගහලා මරපු මිනී මරුවා පුංචි නිලමේ, එයයි පවිත්‍රයි චන්ද්‍රිකයි සියලු දෙනා එක වේදිකාවෙ හිටියා.

යුක්තිය ඉටු කරගැනීම ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපි ඇති තරම් කියලා තියනවා. එක්සත් ජාතික පක්ෂයේ තක්කඩි මිනීමරු දේශපාලන නායකයො හදපු මහා මිනීමරු සුලිය ඇතුළෙ මහා දැවැන්ත සටනක් පටන් ගත්තා. ඒ සුළිය ඇතුළෙ ජනතා විමුක්ති පෙරමුණෙ පමණක් නොවෙයි, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොවෙයි කිසිම දේශපාලනයක් නැති මිනිස්සු විනාශ වුනා.

අපට ඒ ගැන ඇත්ත කම්පනයක් තියනවා. අද අපි ආශීර්වාද ලත් පක්ෂයක්. මෙතන ඉන්නවා තරුණ මන්ත්‍රිවරු. එයාලගෙ තාත්තලා එක්සත් ජාතික පක්ෂයේ. අම්මලා එක්සත් ජාතික පක්ෂයේ. අද ජේවීපී යූඑන්පී පොහොට්ටු ශ්‍රී ලංකා, තමිල් අරසුකච්චි ඔක්කොම එකතු වෙලා තමයි ජාතික ජන බලවේගය හැදිලා තියෙන්නෙ. අපි මේ කිසිම දෙයක් නිසා ඒ ඇති වී තිබෙන මේ මහා සංහිඳියාවට අබමල් රේනුවක වෙනසක් වෙන්න දෙන්නේ නෑ.

මන්ත්‍රීවරයා කීවේ 1994න් පසු තම දේශපාලන සගයින් 09 දෙනෙක් තමන්ගේ ඇස් ඉදිරිපිට දේශපාලනය නිසා ඝාතනය වූ නමුත් වසර 31ක් කැටපෝලයක් හෝ අතට ගත්තේ නැති බවය. ඒ බිය නිසා නොව ආයුධයක් යනු ගිටාරයක් නොවන බවත් එය අතට ගත් විට නැවත බිම තැබිය නොහැකි බවත් එහි වගකීම හොඳන් දන්නා නිසා බවත්ය.

එමෙන්ම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ බටලන්ද පමණක් නොව, අනෙක් සියලුම මානුෂික විනාශයන් සම්බන්ධව සංහිඳයාව පදනම් කරගත් විමර්ශනයක් පැවැත්වීමේ සැලසුමක් තිබුණ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ දරුවෙක් මිය ගොස් මළ සිරුර දැක මිහිදන් කළ මවකගේ සහ දරුවෙක් අතුරුදහන් වූ මවකගේ මනෝ භාවයන් සම්පූර්ණ වෙනස් වන ආකාරයය. අවුරුදු 36ක් තිස්සේ තම පුතා එනතුරු නිවසේ දොර හැර තබන මවකගේ අත්දැකීම ගැන ද ඇමතිවරයා පැවසුවේය.

ඔහු අවධාරණය කළේ සංහිඳයාව මුල් කරගෙන මේ විමර්ශන සිදුකර අනිවාර්ය වශයෙන් වධකයින්ට දඬුවම් දෙන බවත්, මේ කළ මහා අපරාධයේ ප්‍රතිඵලයක් ලෙස 1994න් පසු එක්සත් ජාතික පක්ෂය එකම ඡන්දයක් හෝ ජයග්‍රහණය නොකළ බවත්ය.

” එක්සත් ජාතික පක්ෂය 1994 න් පස්සේ එක ඡන්දයක්වත් දිනුවෙ නෑ. කළ මහා පරිමාණ අපරාධ සදාකාලිකවම ගේනවා මහා පරාජයක් විදිහට. නම වෙනස් කළා සජබ කියලා වර්ධනයක් නෑ. වඳවීගෙන යන්නේ.
ඒකට හේතුව 87-90 කාලෙත් උතුරෙ යුද්ධයක් හදලා කළ අපරාත් නිසා තමයි එහෙම වෙන්නේ.”

“මෙතන බටලන්ද කොමිසම සම්බන්ධව සාකච්ඡාව අපි ගන්නේ මේ මොහොතේ හදිස්සියේ මහජන සංවාදයට ආපු නිසා. අපේ පූර්ණ සැලැස්මක් තියනවා… මේ මොහොතේ අපේ ක්‍රියාමාර්ග බටලන්ද කොමිසමට සීමා කරනවා. උතුරෙ මිනිස්සු අහනවා සහෝදරයා බටලන්ද විතරද කතා කරන්නේ නැද්ද කියලා. අපේ පක්ෂයේ කිළිනොච්චියෙ නායකයා එල්ටීටී ඊ කඳවුරක දින 90ක් තියන් හිටියා. පුතා දුන්නේ නෑ කියලා එල්ටිටීඊ එකට. අපේ පක්ෂයේ කිලිනොච්චියෙ බොහෝමයක් මිනිස්සු නන්දිකඩාල් ගිහින් අහම්බෙන් පණ බේරාගෙන ආපු මිනිස්සු. ඒ අය ඊ.පී.ඩී.පී අපරාධත් දන්නවා. එල්ටීටීඊ අපරාධත් දන්නවා. ශ්‍රි ලංකා ආරක්ෂක අංශවලින් කළ අපරාධත් දන්නවා.

මේ අවුරුද්දේ අවසානයේ හෝ ලබන අවුරුද්ද මුලදි අපි සහජීවනය සංහිඳියාව ඉලක්ක කරගත් විශාල ව්‍යාපෘතියකට එනවා. එහි කොටසක් ලෙස තමයි අගමැති තුමිය පාර්ලිමේන්තුවේ දි උත්තර දුන්නෙ. අපි අලුත් ව්‍යවස්ථාවකුත් හදනවා. අපි පිළිගන්නවා මේ අඩුපාඩුව ශ්‍රී ලංකා රජයෙන් වෙලා තියනවා කියලා. අපි හිතනවා ශ්‍රී ලංකා රජය වශයෙන් මෙවැනි මොහොතක බොහෝ රටවල වගේ මේ අපරාධයේ විවිධ පැතිවලින් බැට කාපු මිනිසුන් වෙනුවෙන් මුළු ජාතියෙන්ම සමාව අරගෙන ආයෙ කවමදාවත් ලංකාවේ මෙහෙම ලේ විලක් පත් නොවන බවට සහතිකය අපේ ජනාධිපති තුමා දෙයි කියලා.

අපිට අවශ්‍යයි මේක සමනය කරන්න. අපේ ප්‍රවේශය පැති දෙකයි. එකක් සමගිය. අනෙක සහජීවනය. අපට තියනවා විජේවීර සහෝදරයා ගැන ප්‍රශ්නය විසඳගන්න. නමුත් අපි පළිගැනීමේ ප්‍රවේශයෙන් නෙමෙයි කරන්නේ. ප්‍රධාන ප්‍රවේශය සංහිඳියාව. සමගිය. සහජීවනය. ඒ අතරේ දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම කළා වගේ ප්‍රධාන වධකයින්ට අනිවාර්යයෙන්ම අධිකරණ මගින් දඬුවම් දෙනවා. ලෝකයේ ඉන්න හොඳම නිලධාරීන් ගෙන්වලා හරි රනිල් වික්‍රමසිංහට විරුද්ධව නීතියෙ ඇතුළෙ කරන්න පුලුවන් හැම පරීක්ෂණයම කරලා ඒ මිනීමරුවන්ට ඔවුන්ගෙ ජීවිතයේ අවසාන කාලයේ හරි අනිවාර්යයෙන් දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා.

හැබැයි මතක තියාගන්න. එහි ප්‍රධාන වධකයින්ට පමණයි. ප්‍රධානම මිනීමරුවන් නිදැල්ලේ හිඳීමෙන් අපි මොනතරම් සංහිඳියා දෙයක් කළත් ඒක තහවුරු වෙන්නෙ නෑ. රනිල්ලා වගේ විකෘති මනසක් තිබෙන අති දැවැන්ත ඝාතකයො මින්ස්සුන්ට හිරිහැර කරමින් මරපු ඒවා වින්දනයට ලක් කරපු අමු වධකයොන්ට දඬුවම් දීලා ඉතිහාසයෙ ලියන්න ඕන අපේ රටේ දරුවන්ට මේ වගේ වධකයින්ට මානසික රෝගීන්ට නැවත කිසිදාක මහජන නියෝජිතයන් ලෙස එන්න ඉඩ නොදිය යුතුයි කියලා.

බටලන්ද විතරක් නෙමෙයි… තව ගොඩාක් තියනවා. අනිවාර්යයෙන් වධකයින්ට දඬුවම් දී යුක්තිය ඉටුකිරීම අරමුණු කරගෙන අපි බලාපොරොත්තු වැඩපිළිවෙළක් දියත් කරන්න. ඊලඟ විවාද දිනට ආසන්න වනවිට ජනාධිපති තුමාගේ පැත්තෙන් පර්යේෂණ කමිටුව පත් කරනවා. ඒක පිළිබඳ පදනම් වෙලා අපි නීතිපති තුමාට මේක දැනුම් දෙනවා. අනිවාර්යෙන්ම නීත්‍යානුකූව අධිකරණමය වශයෙන් අපි කටයුතු කරනවා.

තමන්ගේ පුතා එයි කියලා හැමදාම රෑට දොර ඇරගෙන හිපටු උතුරෙත් දකුණෙත් අම්මලාට අපි යුක්තිය ඉෂ්ට කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බටලන්ද ගෙනත් ආණ්ඩුව නාගන්න හැටි ආණ්ඩුවත් හාන්සි කරමින් මුජිබර් සහසුද්දෙන්ම කියයි…

Next Post

ඇමරිකානු තීරු බදු පැනවීම සම්බන්ධව සාකච්ඡා කළ පක්ෂ නායක රැස්වීමේ දී පැමිණි යෝජනා සමග තවත් සාකච්ඡා වටයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.