සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොළොව යට ස්කෑන් කරන යන්ත්‍රයක් නිර්මාණය කර ජනාධිපති සම්මාන ලැබු නිර්මාණ කරුවෙක් එම යන්ත්‍රය වැඩිදියුණු කර පුරාවස්තු හාරන්න යොදාගෙන සිටිය දී අත් අඩංගුවට…

by editor
මාර්තු 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

පොළොව යට ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් නිපදවා වර්ෂ 1999 දී ජනාධිපති සම්මාන ලද පුද්ගලයෙක් එම යන්ත්‍රය කැමරාවක් සහත සූක්ෂම උපකරණයක් සහිතව වැඩිදියුණු කර එය ආධාරයෙන් පුරාවස්තු කැණීමක් සිදුකරමින් සිටිය දී තවත් පුද්ගලයින් 05 දෙනෙක් සමග අද (07) සවස අත් අඩංගුවට ගත් බව  පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගයාට දැන් අවුරුදු 46කි. ඔහු මෙම නිර්මාණයේ මූල් අවස්ථාව වෙනුවෙන් සම්මාන ලබන විට ඔහු 23 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ පදිංචිය බණ්ඩාරවෙලය. මේ වනවිට සිදුකරනු ලැබූ පරීක්ෂණ ඇසුරින් ඔහු යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂම කැමරා පද්ධතියක් සවිකර  පොළොව යට සියලු වස්තූන් කැමරා ගතවන අයුරුන්   යන්ත්‍රය වැඩිදියුණු කර තිබුනු බව පොලිසිය කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත     බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, බීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු, 30 ත් 50 ත් අතර වයසේ පසුවන්නන්  බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී. බණ්ඩාර  අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැනීම් සිදුකර තිබිණි.  දෙවන වරට මෙම නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරය.

ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානය කැනීම් සිදුකර තිබෙන අතර සැකකරුවන් සතුව තිබූ උල් කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර්, ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාස  විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර   අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි, පොළොන්නරුව සහකාර ‍පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ජේ.පී.ආර්.කේ.ජාගොඩගේ,   මැදිහත්වීමෙන්, පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.ටී.බණ්ඩාරගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන්, 42229 රංග,පොලිස් සැරයන් 71750 චින්තක, 68973 අතාවුද, පොලිස් කොස්තාපල් 84707 කුලතුංග, පොලිස් කොස්තාපල් 65318 සිල්වා, පොලිස් කොස්තාපල්, 34973 නිශ්ශංක, ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

145 රාජකීය – ශාන්ත තෝමස් මහා තරගය…. රාජකීයෝ මුල් දිනයේ අවසන් කාර්තුවේ තරගයට ප්‍රබල ලෙස පැමිණෙති… ශාන්ත තෝමස් ගමන නවත්වති…

Next Post

බෙල්ලනට ආරක්ෂාව දෙන මුවාවෙන් ජාතික රෝහලට එන පොලිසිය වෘත්තීය සමිති නායකයින් දඩයමකටත් සූදානමක්… වෘත්තීය සමිති හෙළිදරව් කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.