සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව ඇතුලු මහවැලි බී හා සී කලාපවල වී අස්වනු ධාරාණිපාතට වර්ෂාවට හසුවෙයි!

by editor
අගෝස්තු 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට  මෙවර යල කන්නයේ  නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස තිබේ.    ඒ අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 90 ක් දක්වා පහළ බැස ඇති අතර, වේලන ලද වී කිලෝවක් රුපියල් 100 ක් වැනි මිලකට පහළ බැස ඇති බවද ගොවීහු කියති.

වී අස්වනු වර්ෂාවට හසුවීමත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් සහ සහල් මෝල් හිමිකරුවන් තරගකාරී අයුරින් තම වී තුට්ටු දෙකට මිලදී ගැනීමේ සුපුරුදු ව්‍යාපාරය ආරම්භ කර තිබෙන බවද ගොවි සංවිධාන  පෙන්වා දෙති.

මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් විසින් නියෝජිතයින් සහ බ්‍රෝකර්වරුන් යොදවා කුඹුරටම අමු වී ලබාගැනීමට පැමිණෙන අතර ඔවුන්ට කොමිස් මුදලක් තබාගෙන මහා පරිමාණ   වී මෝල් හිමිකරුවන්ට ගොවීන්ගේ වී ලබාදීමට මැදිහත් වී සිටින බව  ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති.

මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් රුපියල් 90 කට ලබා ගන්නා වි කිලෝවක් සහල් බවට පත්කර රුපියල් 230 ක සිල්ලර මිලකට ලබාදීම සහල් පාරිභෝගිකයාට හා ගොවියාට කරන බරපතළ අසාධාරණයක් බවද ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.

වී  කිලෝවක් නිෂ්පාදනය කිරීමට තමන්ට පවතින යෙදවුම් මිල අනුව රුපියල් 120 ක් පමණ වැය වන අත‍ර, මෙම තත්ත්වය මත වී වගාවෙන් ලාභයක් ලැබීමට නම්  වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් රජය විසින් පැනවිය යුතු බවද ගොවීහු පවසති.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මෙවර වැඩි වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාඩු වී වගාකර තිබෙන අතර ඒ සඳහා විශාල ඉල්ලුමක්ද පවතී.

වී  අලෙවි මණ්ඩලය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා අටක් මේ වනවිට විවෘත කර තිබෙන අතර මෙතෙක් වී ඇටයක්වත් පොළොන්නරුව ගොවීන්ගෙන් මණ්ඩලයට නොලැබුණු බව වි අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක  අප කළ විමසීමකදී පැවසීය.

වැලිකන්ද, මනම්පිටිය, අඹගස්වැව, ජයන්තිපුර, දියබෙදුම,හිඟුරක්ගොඩ, මැදිරිගිරිය. ඇළහැර, යන ප්‍රදේශවල වී ගබඩා විවෘතව ඇති බවත් ඕනෑම, ගොවීන් ගෙනෙන වී ලබා ගැනීමට තම මණ්ඩලය සූදානමින් සිටින බවත් පවතින වෙළඳපොලේ මිල ගණන් අනුව ගොවීන් ගබඩා වෙත රැගෙන නොයනු ඇති බවද නිමල් ඒකනායක කීය.

රජය මඟින් වී ගබඩා විවෘත කර තැබුණද වී වේලා ගබඩා වෙත රැගෙන යාමේදී තමන්ට ප්‍රවාහන වියදම් සහ වී වේලීමේ වියදම් සලකා බලන කල, පෞද්ගලික වෙළදුන්ට අමුවෙන් වී ලබාදීම යම් වාසියක් තිබෙන බවද ගොවීන් කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරාගෙන මැරෙන්න එපා… අස්වැසුම දෙන්නම්… හිටපු ජ.වි.පෙ මන්ත්‍රී නන්දන ගුණතිලකට ආණ්ඩුවෙන් යෝජනාවක්!

Next Post

හම්බේගමුවේ වැවක් ඉස්මත්තේ පණ ඇද්ද වන අලියාත් මරුට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.