පොලිස් වෙසින් පැමිණි පිරිසක් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඔහුගේ පාදයට වෙඩි තබා මග දමා ගිය සිද්ධියක් සම්බන්ධව හබරාදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
තුවාල ලබා ඇත්තේ මාතර නාවිමන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා සිය නිවසේ සිටිද්දී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් තමන් පොලිසියෙන් බව පවසා ඔහුව වාහනයට නන්වාගෙන ගොස් හබරාදූව තල්පේ උතුර ප්‍රදේශයේ දී වෙඩි තබා මග දමා ගොස් ඇත.
තුවාලකරු කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කරාපිටිය රෝහල වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඇත.







