සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් වෙඩි පහර කාගෙන අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙක් අත් අඩංගුවට… 

by editor
ජූනි 2, 2024
in පුවත්
arrested
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර  –

තංගල්ල පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිළධාරී කණ්ඩායමක් විසින් සූරියවැව හත්පහ ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී අණනොතකා ධාවනය කල යතුරු පැදියකට පොලිස් නිළධාරීන් වෙඩි තබා ඇති අතර පළාගිය සැකකරු අද (02) අළුයම සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව විහාගල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ   අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිළධාරී කණ්ඩායමක්  ඊයෙ   දින රාත්‍රී 11.45ට පමණ සූරියවැව හත්පහ ප්‍රදේශයේ විශේෂ රථවාහන පරීක්ෂාවක නිරතව සිට තිබේ.

එම අවස්ථාවේදී පැමිණි යතුරු පැදියකට නවතන ලෙසට පොලිස් නිළධාරීන් සංඥා කර ඇතත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කර තිබේ. එම අවස්ථාවේදි  රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් එම යතුරු පැදිය පසු පස හඹාගොස් සූරියවැව වැලිවැව ප්‍රදේශයේදි යතුරුපැදිය නවතන ලෙසට යළි අණ කර ඇතත් පැදිකරු යතුරුපැදිය නොනවත්වා ධාවනය කර ඇත.

එහිදි පොලිස් නිළධාරීන් විසින් යතුරු පැදියට වෙඩි ප්‍රහාර 03ක් එල්ල කර තිබේ.එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකුගේ පාදයට වෙඩි වැදුණු නමුත් පැදිකරුවන් වෙඩි වැදීමෙන් අනතුරුවද පොලිස් නිළධාරීන් මග හැර පළාගොස් ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් සිදුකළ විමර්ශන්යේ දි   අනාවරණය වුයේ වෙඩි වැදීමෙන් පසු පළාගිය පුද්ගලයා ඊයේ (02) අළුයම 5.40ට පමණ යකඩ කූරක් ඇණුනු බව පවසා සූරියවැව රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසු සිය කැමැත්තෙන්ම වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට යන බව කියා ටිකට්  කපාගෙන ගොස් ඇති බවය. සැකකරුගේ දකුණු පාදයේ යටිපතුල ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ලව තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරමින් සිටින අතරතුර සැකකරු පෙරවරුවේ සිය මව සමග සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු අණනොතකා ධාවනය කිරිම,ආදායම් බළපත්‍ර නොමැතිව ධාවනය කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

යතුරු පැදියේ සැකකරු සමග  සූරියවැව පන්සිය පනහ ප්‍රදේශයේ පදිංචි සුද්දා යන අන්වර්ථ නමින් හදුන්වන පුද්ගලයාද වෙඩිතැබීම සිදුවන  අවස්ථාවේ යතුරුපැදියේ පටුපස ගමන්කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. 

සිද්ධිය සම්බන්දයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි   සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත   ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share69Tweet43
Previous Post

මහා ගංවතුර තත්ත්වයක්… ගංවතුර බලපෑමට ලක්ව ඇති පෙදෙස්වල විදුලිය විසන්ධි කරයි!

Next Post

ඕඩ ඇලට වැටිලා මැරුණෙ හඳපාන්විල්ලුවේ කසිප්පු ජාවාරම්කාරයින් වෙඩි තබා පැන්නූ අලි රංචුවක හත් දෙනෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.