පොලිස්පති ධූරය වෙනුවෙන් මේ වනවිට තරගයක නිරතවී සිටින පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනාම වෙනුවට එම ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහ සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ නම් යෝජනා වීමත් සමග “වෙනට පොලිස්පති” සිහිනයේ සිටි දූෂිත නිලධාරියෙක් බෙහෙවින්ම කලබල වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඔහු සහ ඔහුව පුටුවේ ඉන්දවන මෙහෙයුමේ හිඳිනා කණ්ඩායම වැඩිවශයෙන්ම තිගැස්සී ඇත්තේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම මෙම තනතුර සඳහා යෝජනා වීමත් සමගය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙක් වීමත්, ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ පුංචිම තැනින් ආරම්භ කර ඉවසිලිවන්ත දීර්ඝ ගමනක් පැමිණි සැබෑ දක්ෂයෙක් වීමත්, මෙම නිලධාරියාගේ නම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ම ඉහළ දේශපාලන අධිකාරියට යොමු වී තිබීමත් හේතුවෙන් වෙන්ට පොලිස්පති හීන දුටු කණ්ඩායම් තිගස්වා ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ඔහු පොලිස්පති වුවහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවක් වන්නේ පොලිස් කොස්තාපල් ධූරයෙන් රාජකාරිය ආරම්භ කර පොලිස්පති තනතුරට පත්වන පොලිස් ඉතිහාසයේ මුල්ම නිලධාරියා ඔහු වන බැවිනි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිබඳව දේශපාලන අධිකාරිය වෙත යෝජනා වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම යැයි වාර්තා වේ. මේ යෝජනාවත් සමග පොලිස්පති තනතුරු තරගයේ නොසිටි එම නිලධාරියා පත් කිරීමේ වැදගත්කම සම්බන්ධව ඉහළ දේශපාලන අධිකාරියේ අවධානයට ලක්වී ඇත.
මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දැවැන්ත මඩ මෙහෙයුමක් ආරම්භ කිරීමට වෙන්ට පොලිස්පති කණ්ඩායමේ අයෙක් සැලසුම් කරන බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.
පොලිස්පතිවරයාත් නොදැන ඉහළ දේශපාලකයෙකුගේ බලපෑමත් සහිතව මේ වනවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ රාජකාරි කාලයම ආවරණය වන පරිදි ඔහු අතින් සිදුවූ සෑම වැරැද්දක්ම සොයා වාර්තා කිරීම සඳහා නිල නොවන විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ වී ඇති බව පොලිසියේ තොරතුරු වලින් අනාවරණය වේ.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඉදිරියේ දියත්වන සංවිධානාත්මක මඩ මෙහෙයුමක ගොදුරක් වීමට නියමිතව ඇති බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.