පොලිස්පති ඩී.සී වික්‍රමරත්න සිය ධූර කාලය ඊයේ (24) දිනයේ දී නිමා කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගැනීම තහවුරු කර තිබේ.
සේවා දිගු හතරක් ලැබූ පොලිස්පතිවරයාගේ සේවය සති තුන බැගින් අවස්ථා දෙකක දී දීර්ඝ කිරීම සදහා ජනාධිපතිවරයා විසින් නම් කර එවා තිබුණ ද ව්‍යවස්ථා දායක සභාව එම නම අනුමත කිරීම සිදු නොකිරීම සමග පොලිස්පති ධූරය සමග ගැටලු කීපයක් ඇති විය.
ඒ සමගම පොලිස්පති ධූරය අපෙක්ෂාවෙන් සිටි ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මේ සම්බන්ධව දැඩි ප්‍රශ්න කිරීම් සිදුකළ අතර එය පොලිස්පති ධූරය සඳහා ඇති වූ අභ්‍යන්තර බලපොරය තීව්‍ර කර තිබිණි.
කෙසේ වෙතත් ඉදිරි දින කීපය තුළ නව පොලිස්පතිවරයෙක් යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය අවධානය යොමු කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පොලිස්පති ධූරය සඳහා නිලධාරීන් කීප දෙනෙක් ගැන මේ වනවිට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් පොලිස්පති ධූරය වෙනුවෙන් දැඩි තරගකාරි මෙෙහයුම්වල නිරත වී සිටින නිලධාරීන්ට වඩා නිකැලැල් සේවා චරිතයක් සහිත නිලධාරියෙක් පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වේ.







