බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?…

පොලිසියට පරීක්ෂණ කරන්න උගන්වන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න... ආරක්ෂක ලේකම් නුවර දී කියයි!

by editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්වරයා නොවන බවත්  එතුමාට නිල ඇඳුම ගලවා ඉවත් වී යන ලෙස කියන්නට කාදිනල්වරයාට අයිතියක් නැති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.  එමෙන්ම රහස් පොලිසියට පරීක්ෂණ කරන ආකාරය ගැන උගන්වන්න නොගොස්  පරීක්ෂණ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත් ඔහු කාදිනල් හිමියන් වෙත දන්වයි.

ඔහු මේ දැනුම්දීම කරන්නේ  අද (15) මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

“කාදිනල් තුමා නෙමෙයි පොලිස්පති තුමාට කෝට් එක දුන්නේ. මම දන්නෙ නෑ කාදිනල් තුමාට අයිතියක් තියනව ද කියලා පොලිස්පතිතුමාගෙ කෝට් එක ගලවලා යන්න කියලා කියන්න.  බුද්ධිමත් ජනතාව දන්නවා මේවා ගැන. පොලිස්පතිතුමා නම් ඔය කියන පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධව අවශ්‍ය පරීක්ෂණ නිසි පරිදි ඉටු කරන බව මා ආරක්ෂක ලේකම්වරයා විදිහට දන්නවා. “  යැයිද ආරක්ෂක ලේකම්වරයා කීවේය.

නුවර පැමිණ මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ  කාදිනල්තුමා දැඩිව විවේචනයට ලක් කළ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල්  කමල් ගුණරත්න මෙසේ ද කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒක ගැන විවේචන එල්ල කිරීම මා හිතන්නෙ නෑ සාධාරණයි කියලා. මෙතනදි අත්බෝමබයක් හම්බවෙලා තියනවා. ඒ බෝම්බය එතනින් තිබ්බ කෙනාව අත්අඩංගුවට ගත්තා. ඒ මාර්ගයෙන් ගිහින් තව අත්අඩංගුවට ගැනීම් සිද්ධ කරන්න තියනවා. ඒක කරගෙන යනවා.

මේ  පැය දෙක තුනක් අතුළත   පරීක්ෂණ කරලා අත්අඩංගුවට ගැනීම කරන්න පුලුවන්නම් ඒක ප්‍රාතිහාර්යයක් වෙනන් ඕන. මම ආරක්ෂක ලේකම්  විදිහට රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ සම්බන්ධයෙන්  සියලුම පුද්ගලයන් නීතියේ රැහැනට ගේනවා කියලා.“

පරීක්ෂණ කරන හැටි ගැන උගන්වන්න එපා.

“මම හමුදා නිලධාරියෙක්. මා දන්නවා යුද්ධ කරන්න. හමුදා නිලධාරියෙක් විදිහට  මට වඩා දැනුමක් පරීක්ෂණ කටයුතු කරන්න රහස් පොලිසියෙ නිලධාරීන්ට තියනවා.  මා හිතනවා කාදිනල්වහන්සෙ එහෙම ප්‍රකාශ කළාට උන්වහන්සේ හිතනවාට වැඩිය දුරක් හිතලා ඒ පරීක්ෂණ අවශ්‍යපරිදි  කරන්න රහස් පොලිසියටත් පොලිසියෙ නිලධාරී මහත්වරුන්ටත්  හැකියාව තියනවා. ඒ අයට පරීක්ෂණ කරන ආකාරය  උගන්වන්නවත් ඒ අය කරපු විදිහ විවේචනය කරන්නෙවත් නැති පොඩ්ඩක්  පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. “

මේ වගේ සිද්ධීන් තැන් තැන් වල සිදුකරන්න මොකක් හරි වෙනස් අදහසක් හිතේ තියන අය උත්සාහ කරන්න පුලුවන්.  නමුත් අපි ඒ උත්සාහයන් වළක්වන්නත් එහෙම උත්සාහ කරන අය නීතියේ රැහැනට ගෙනෙන්නත්  අවශ්‍ය හැමදේම කරනවා.

ඒ නිසා මහජනතාවට මේ ගැන විශේෂ බියක් ඇතිකරගත යුතු දෙයක් නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සියලු ශාන්තුවරයන්ටත්“ බෝම්බ තැබූ විනාශකාරී දේශපාලනය ගැන අනුර හෙළි කරයි!

Next Post

දේශපාලනයත් වෙනස් කරමින් මාර්තුවේ දී එන පංච මහා අර්බුදයක් ගැන ගම්මන්පිල කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.