කීර්ති ප්‍රනාන්දු –
පොරවට වැටුණ මැතිවරණ පොල්ල ඉවත් වු බවත් තමන් සිය ප්‍රජා සංකේතය වූ පොරවද රැගෙන ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කළ බවත් ආදි වාසීහු පැවසුහ.
සිය සංකේතය වු පොරෝ කෙටියට වලංගු භාවයක් ලැබුනේ කාලයක් තිස්සේ තමන් මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස බව ආදී වාසී ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.
පසුගිය මහ මැතිවරණයේ දී සිය සංකේතය වු පොරොව උරේ එල්ලාගෙන ඡන්ද පොළට ඇතුවීමට ඉඩ නොදීම හේතුවෙන් දඹාන ආදිවාසීන් ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කර තිබිණි. මේ ඡන්දයේ සිට ඒ බාධකය ඉවත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබිණි.







