බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පොදු විපක්ෂයේ ඡන්දත් අරන් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ පුරපතිනිය වෙයි… කවුද මේ ව්‍රායි?

by editor
ජූනි 16, 2025
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගර සභාවේ දෙවැනි කාන්තා පුරතිනිය ලෙස ඉතිහාසගත වෙමින් ජතික ජන බලවේගයේ කොළඹ ඡන්ද සටනේ කණ්ඩායම් නායිකා ව්‍රායි කැලී බල්තසාර් කොළඹ පුරපතිනිය ලෙස මීට ස්වල් වේලාවකට පෙර තේරී පත් වුනාය.

පැවැත්වුන රහස් ඡන්දයෙන් පසු ඇයට පක්ෂව ඡන්ද 61ක් ලැබී තිබිණි. සමගි ජන බලවේගයෙන් ඒකාබද්ධ පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් රක සිටි රීසා සාරුක් ලබා ගත්තේ ඡන්ද 54ක් පමණි. ඡන්ද 02ක් ප්‍රතික්ෂේප වූයේය.

මේ අනුව බහුතරය දිනා ගැනීම සඳහා අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය වූ ඡන්ද 59ටත් වඩා ඡන්ද 02ක් ලබාගෙන කොළඹ නගර සභාවේ දෙවැනි පුරපතිනිය ලෙසත්, කොළඹ නගර සභා ඉතිහාසයේ 27වැනි පුරපති ලෙසත් ඇය අද තේරී පත්වන්නීය.

කවුද මේ ව්‍රායි කැලී බල්තසාර්…

ව්‍රායි කැලී බල්තසාර් කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාන්තා සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති විද්වත් කාන්තාවකි. එමෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෑත වකවානුවේ පෙරළිකාර දේශපාලන ගමනක් පැමිණි කාන්තාවකි. ඇය ලංකාවේ ප්‍රධානම පළාත් පාලන ආයතනයවන කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය වන්නේ ජාතික ජන බලවේග පක්ෂ නායකත්වයේ ප්‍රධාන කොටසක් රූපණය කරමිනි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ව්‍රායි පුරපති ධූරය සඳහා ජාතික ජන බලවේගය විසින් නම් කරන්නේත්, කොළඹ ඡන්ද සටනේ නායකත්වය ඇයට ලබා දෙන්නේත් ඇය සතුව තිබුණු නායකත්ව පෞරුෂයේ ගුනාංගයන් නිසාය. මුලින්ම මේ ප්‍රසන්න කාන්තාව සමාජය විසින් හඳුනා ගන්නේ MTV හි උදෑසන රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක ලෙසය. එහිදී ඇගේ ශක්තිමත් සන්නිවේදන කුසලතා සහ ප්‍රේක්ෂකයින් සමඟ ඇති සම්බන්ධතාවය ඇගේ පොදු පැතිකඩ ගොඩනැගීමට උපකාරී විය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ තිරසාර ජීවිතය සඳහා ව්‍රායි ගේ කැපවීම ඇයගේ දේශපාලනය මෙන්ම වෘත්තීය ජීවිතය තුළ ද කැපී පෙනුණි. ජෛව වියෝජනය කළ හැකි සහ නැවත භාවිතා කළ හැකි විසඳුම් කෙරෙහි අවධානය යොමු කළ ව්‍යාපාරයක් වන කැලි නිෂ්පාදන ආරම්භ කළාය

සමාජ ව්‍යවසායකයෙකු ලෙස, ඇය තම සමාගම හරහා පරිසර හිතකාමී භාවිතයන් සහ තිරසාර ජීවනෝපායන් වෙනුවෙන් පෙනී සිටියාය. ඇය හඳුන්වා දුන් Cally Reusable Bags එය ප්‍රායෝගික කළ අවස්ථාවකි.

කොළඹ නගරාධිපති ධුරය සඳහා ඇයගේ අපේක්ෂකත්වය 2025 මාර්තු 9 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ජාතික ජන බලවේගය ඇය ඒ සඳහා නම් කරන්නේ 2024 මහ මැතිවරණයේ දී ඇය ඉදිරිපත් වී ඡන්ද 44,633ක් ලබා ගනිමින් නවකයෙකු සඳහා කැපී පෙනෙන ප්‍රතිඵලයක් අත් කරගැනීමෙන් පසුය. ඇය කොළඹින් 18 වන ස්ථානයට පත්විය. පාර්ලිමේන්තු වරම් ලැබුණේ නැත.

නමුත් ව්‍රායි කොළඹ පුරපති සටන භාර ගත්තාය. දූෂණයෙන් තොර පිරිසිදු පාලනය, ජනතාවාදී නාගරික ප්‍රතිසංස්කරණ, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම ඇතුළු ජනතාවාදී ප්‍රවේශ රැසක් ඇය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ දියත් කළාය. ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී සිටි ව්‍රායි සිය ඡන්ද ව්‍යාපාරය තුළ කීවේ මෙවැන්නකි. “අපි පාර්ලිමේන්තුව වෙනස් කළා. දැන්, අපි පළාත් පාලන ආයතන වෙනස් කළ යුතුයි,”

ඇය කොළඹ මෙහෙවන අකාරය රටම බලාගෙන ඇත. ඇය කොළඹ හසුරුවන දිශානතිය ආණ්ඩුවේ ඉරණම ද තීන්දු කරන තරම් ප්‍රභල එකක් වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක්…

Next Post

ගාසා අපරාධය දිට්ඨ ධම්මවේදනීය කර්මයක් ලෙස ඊශ්‍රයාලයට පල දෙන හැටි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.