පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ ශිෂ්‍ය උද්ඝෝෂණ ව්‍යාපාරයට අදාල පා ගමන ගලහ හන්දියේ දී මාර්ග බාධක දමා වළක්වා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර මිට ස්වල්ප මෙහොතකට පෙර විසුරුවා හැරියේය.
සමාජ මාධ්‍ය වාරණ පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිවත් පුද්ගලික උපාධි ආයතනය පවත්වා ගැනීමටත් විරෝධතාව ප්‍රකාශ කිරීමට අද පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.
සරසවිවලට දේශපාල අත පෙවීම් නොකරන ලෙසත්, ජීවන වියදමට සරිලන සේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙසත්, ප්‍රමාද වූ මහපොළ ශිෂ්‍යාධාරය ලබා දෙන ලෙසත් විරෝධය දක්වන සරසවි සිසුහු ඉල්ලූහ.
කෙසේ වෙතත් විශාල පොලිස් බලඇණි යොදාගෙන ගලහ හන්දියේ දී මෙම විරෝධතා පා ගමන නවත්වා තිබිණි. අනතුරුව ශිෂ්‍යයන් පොලිසිය විසින් තැනූ අවහිර කිරීමට මීටර විසි පහක් පමණ ඉදිරිපිට නැවතී සටන් පාඨ කියමින් සිටිය දී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් සිසුන් මැද්දට එල්ල කළහ.
ඡායාරූපව වල සිදුවීම් පෙළ දැක්වේ.