උඩ පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨයේ සත්ත්ව ගොවිපොළට නීති විරොධීව ඇතුළු වී එහි සිටි හොඳින් වැඩුණු ඌරෙක් මරා මස් කර රැගෙන ගිය පුද්ගලයින් තිදෙනෙක් පේරාදෙණිය පොලිසිය විසින් අද (13) සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.
කිලෝ 150ක් පමණවන මෙම ඌරා ඝාතනය කරමින් සිදුකළ ඌරු සොරකම සිදුවන්නේ ඊයේ (12) රාත්‍රී කාලයේ දී ය. මේ සම්බන්ධයෙන් ගොවිපල භාරකරු විසින් (අද) පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.
පැමිණිල්ලකින් පසු විමර්ශන කළ පොලීසිය උඩ පේරාදෙණිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ඌරු මස් තොගයක් සොයා ගෙන තිබේ.
විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ කටයුතු වලට මෙන්ම මස් සඳහා මෙම ගොවිපොළේ සතුන් ඇති කරන බවය.







