පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය අතුල සේනාරත්න ට පහර දීම සම්බන්ධයෙන් සැකපිට පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2022 දෙසැම්බර් 10 වෙනි දින මහාචාර්යවරයාට හා ඔහුගේ පුතාට පහර දී තුවාල සිදු කිරීම හා ඔහුගේ නිල නිවසට අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව සොයමින් සිටි සැකකරු අද (29) මහනුවර අධිකරණ සංකීර්ණය පිටුපස මාර්ගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 23ක් වන සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හෙට (30) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබයි.







