දිනසේන රතුගමගේ –
යාපනයේ පේදුරුතුඩුව අධිකරණයේ ගබඩා කොට තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1700 ක ප්‍රමාණයක් ඊයේ ( 23 ) සවස පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ගිනි තබා විනාශ කරණු ලැබීය.
යාපනයේ පේදුරුතුඩුව වැල්වෙට්ටිතුරේ හා නෙල්ලිඅඩි යන පොලිස් ස්ථාන මගින් ගත වූ වසරක කාලයේදී අත් අඩංගුවට ගත් කේරළ ගංජා තොගයක් නඩු කටයුතු හමාර වීමෙන් පසුව මෙසේ ගිනි තබා විනාශ කරණු ලැබීය.
නඩු කටයුතු අවසන් නොවූ තවත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් පේදුරුතුඩුව අධිකරණයේ නඩු බඩු ගබඩාවේ සුරක්ෂිතව තබා ඇති බවද අධිකරණ නිලධාරියෙකු පැවසීය.







