සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරළුන බෝට්ටුව අසල පීනමින් පුරා පැය පහක් මහ සයුර සමග පොරබදා දිවි ගලවා ගත් ධීර මිනිසුන් සොයා ගියෙමු!

by editor
ජූලි 3, 2023
in පුවත්
ගැඹුරු මහ සයුරේ ජීවිතය සමග පොරබදමින් සිටි මිනිස්සු...

ගැඹුරු මහ සයුරේ ජීවිතය සමග පොරබදමින් සිටි මිනිස්සු...

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

මහ මුහුද මැදදී බෝට්ටුව පෙරළී පැය පහකට අධික කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදි සිටි ධීවරයින් දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීමට මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් කටයුතු කළ පුවතක් තංගල්ලෙන් අපට වාර්තා විය. අපි ඒ අපූරු පුවත සොයාගෙන ගියෙමු.

මහා සටනකින් පසු ජීවිත බේරාගත් ජේ.ඒ. ප්‍රදීප් ප්‍රියන්ත (වමේ ) සහ චමින්ද කුමාර

තංගල්ල පරාක්‍රම පාරේ පදිංචි ඒ.ඒ.චමිල් රොෂාන් ප්‍රියන්තට අයත් එක් දින යාත්‍රාවකින් මසුන් ඇල්ලීම සදහා තංගල්ල පදිංචි 48 හැවිරිදි ජේ.ඒ.ප්‍රදීප් ප්‍රියන්ත හා 40 හැවිරිදි චමින්ද කුමාරත් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගියේ පසුගිය 29 වන දින දහවල් 2.30ට පමණය.  රෑ තුන්යම මත්ස්‍ය අස්වැන්න එකතු කරගෙන අලුයම ගොඩබිම කරා පැමිණීම එක්දින ධීවර යාත්‍රාවල මුහුදු ගමනේ රටාවය. 

එහෙත් වෙනදාට වඩා හැමදේම වෙනස් වූයේය. කාර්මික දෝෂයක් නිසා රෑ බෝ වනවිට යාත්‍රාව නැවතිනි. නැවතුන යාත්‍රාව පාලනයෙන් තොරව දියඹේ පාවෙන්නට වූයේය. පාලනයෙන් තොරව පාවෙන කුඩා බෝට්ටුව එක්වරම දියවැලකට හසුව රෑ මැදියම දී පෙරළී ගියේය.  විසිවී ගිය  විසිවි ගිය ධීවරයින් දෙදෙනා ගැඹුරු මුහුදේ ගිලී ගියහ.

පෙරළී ගිය ධීවර බෝට්ටුව

ආයසයෙන් නොගිලී පිහිනා විත් උඩුකුරුව පෙරළී ගිය බෝට්ටුවේ එල්ලෙන්නට දෙදෙනාටම හැකි වූයේය. කිසිම හවුහරණක් නැත. මහා ඝන අන්ධකාරය පමණි.   පෙනෙන තෙක් මානයක මිනිස් පුලුටක සේයාවක් සහිත එළි තිතක් නොවේ. සාමාන්‍යයෙන් එක් දින ධීවර යාත්‍රා මුහුදු ගොස් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම ආරම්භ කරන අවස්ථාවේ දී  යාත්‍රාව නවත්වා එළියක් පත්තු කරගනිති. එකිනෙකා පණිවිඩ හුවමාරු කරගනිති. එහෙත් දැන් ක්ෂිතිජය තෙක් එකම හිස් බවකි. ජීවිතය පිළිබඳ අනල්පවූ බලාපොරොත්තු නැත. 

සිතලේ ගැහෙමින් බෝට්ටුවේ එලලීගේන දිය වැල් අතර ජීවිතය සහ මරණය අතර මහා අරගලයක යෙදී සිටි ඔවුන් දෙදෙනා ජීවිත බලාපොරොත්තු අත් නොහැර පෙරළුන ඔරුකඳහි එල්ලී උන්හ. වෙලාව ගත වන්නේ මොනතරම් හෙමින්දැයි වැටහෙමින් තිබිණි. ඒ හුදකලා දියඹේ දළ රැළි මැද පුරා පැය 05ක් යනු මහා විසාල කාලයකි. ඔරු කඳේ එල්ලී ජීවිතය යදිමින් සිටින මේ අසරණ මිනිසුන් දෙදෙනා දකින්නේ  මිරිස්සෙන් මුහුදු ගිය වික්‍රම 02 බහුදින යාත්‍රාව ගොඩ බිම බලා එමින් සිටියදීය. ඔවුන්ව බහුදින ධීවර යාත්‍රාවේ පිරිස දකින විට පාන්දර 6.30ට පමණ ඇත. බෝට්ටුව පෙරළී දියඹේ පාවෙමින් සිටි ධීවරයින් දෙදෙනා ඒ මොහොතේ සිටියේ බෙහෙවින්ම දුර්වල අඩියකය.  බහුදින යාත්‍රාව් නන්වාගත් ධීවරයින් දෙදෙනා දැන් නිවෙස්වලට පැමිණ සිටිති. ඔවුන් දැන් ඒ බිහිසුණු මොහොත ගැන කල්පනා කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රදීප් ප්‍රියන්ත ගවා ගත් මොහොත….

අප දැන්  ඒ මාරක අත්දැකීම් ලද ධීවරයින් අසලය. ඉන් එක් ධීවරයෙක් වූ ජේ.ඒ. ප්‍රදීප් ප්‍රියන්ත සිය අත්දැකීමේ තිගැස්ම මෙසේ අප හමුවේ දිගහැරියේය.

“අපි තංගල්ල ධීවර වරායෙන් පසුගිය 29 වෙනිදා මුහුදු ගියේ. අපි සැතපුම් 17කත් විතර දුර ගිහින් තිබුණා. ඒ ගිහින් දැල් එළද්දී අපේ යාත්‍රාවෙ කාර්මික දෝෂයක් ආවා. සිද්ධිය වෙනකොට    පහුවදා  (30) පාන්දර 12.30ට විතර ඇති. අපි මේ ගැන බෝට්ටුවේ හිමි කරුට දැනුම් දුන්නා. ඔහු අපිට  කිව්වා  තවත් බෝට්ටුවක් රැගෙන එන්නම් කියලා. 

එහෙම දැනුම් දීලා මහ වෙලාවක් ඉන්න ලැබුනේ නෑ. බෝට්ටුව දියවැළකට අහුවුනා. එහාට මෙහාට කැරකිලා බෝට්ටුව පෙරළුණා. අපි දෙන්නම මුහුදේ දියවැලට අහුවෙලා   විසිවෙලා ගියා. 

ඒත්  කොහොම හරි ඒ දිය වැල මගහැරගෙන අපි දෙන්නම පෙරළුණ බෝට්ටුව ලඟට  පිනාගෙන ඇවිත් බෝට්ටු කඳේ  එල්ලුණා. 

පැය පහකට වැඩිය වේලාවක් අපි දෙන්නා ජිවිතයත් මරණයත් අතර සටන් කලා. උදේ 07 විතර වෙනකම් බෝට්ටුවක් පේනතෙක් මානයක තිබුනේ නෑ. අපි හිතුවෙම අපිට ආයේ ජිවත් වෙන්න ලැබෙන එකක් නැ තියලයි. අපි මුහුද පිනමින් ඉන්නවා දැකලා තමයි වික්‍රම 02 කියන බහුදින යාත්‍රාව අපි ලගට ඇවිත් අපිව බේරා ගත්තේ.

සැබෑ වූ ජිවිත බලාපොරොත්තුව ඒ සිනහවේ සටහන්ව තිබිණි….

බෝට්ටුවේ හිමිකරු ඒ.ඒ.චමිල් රොෂාන් ප්‍රියන්තය. මේ බිහිසුනු විපතේ මුල්ම අවස්ථාව ගැන මුලින්ම දැනගන්නේ ඔහුය.

මට මුහුදු ගිය දෙන්නා කෝල් කරලා කිවුවා බෝට්ටුවෙ කාර්මික දෝෂයක්… බෝට්ටුව දැන් නැවතිලා… මොකක් හරි කරන්න කියලා. ඒ වෙනකොට වේලාව මම හිතන්නේ පාන්දර 01ට විතර ඇති. මම ඉක්මනින්ම මේ පිළිබදව ධීවර පරික්ෂක කාර්යාලය හා නාවික හමුදා නිලධාරීන්වත දැනුවත් කරලා බෝට්ටුවකුත් සුදානම් කරගෙන තංගල්ල ධීවර වරායෙන් යන්න යනකොට මට දුරකතනයෙන් දැනුම් දුන්නා මිරිස්ස ධීවර වරායෙන්… ඔවුන් කිව්වා  මුහුදු ගිය බහුදින ධිවර යාත්‍රාවකින් ධීවරයින් දොදෙනා බේරාගෙන එන බවට… ගිලුණ බෝට්ටුව හෝ එන්ජිම ගොඩගන්න උත්සාහයක් දරු තිබුණත් බැරිවෙලා තිබුණා…

ඔවුන් දෙන්නා බේරුන එක ගැන මහා සතුටක් දැනෙනවා. ඒත්  දැල් ආම්පන්න එක්ක සිදුවුණු අලාභය රුපියල් ලක්ෂ 20කට ආසන්නයි. ඔහු කීවේය. 

ප්‍රදීප් ප්‍රියන්ත චමින්ද කුමාර ලබා තිබුණේ මේ ලෝකයේ මිනිසෙක්  ජීවිතයේ ලැබිය හැකි නරකම අත්දැකීමය. ජීවිතයට වඩා පෙනෙන්න් මරණයේ අඳුරය. පෙනේන මානයක මිනිස් පුලුටක් නැති මහා සාගරයේ පෙරළුන ඔරු කඳක එල්ලී බලාපොරොත්තු අත් නොහැර සිටි මේ මිනිසුන් දෙදෙනා අද සිය ඥාති හිතවතුන් සමග එක්ව හුස්ම ගනිති.

ඔවුන් කියන්නේ එකම දෙයකි. අමාරුම කාල පහුවේවි. බලාපොරොත්තු අත්නොහැර ජීවිතය වෙනුවෙන් සටන් කරන්න. නැතිවෙන්නට යන ජීවිත  යළි ලබා ගත හැක්කේ ඒ මාර්ගයෙන් පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ ගැබිනි වාට්ටුව අසල කානුවක මාස 08ක ළදරු කළලයක්…

Next Post

මාධ්‍ය සංදර්ශන එපා… ඉල්ලා අස්වෙනවා නම් අස්වෙන්න සිද්ධි  ඕන තරම්… GMOA සෞඛ්‍ය ඇමතිට කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.