ලලිත් චාමින්ද –
පුර්ණකාලිනව ත්‍රිරෝදරථ රියදුරන් ලෙස රැකියාවේ නිරත ත්‍රිරෝද රථහිමියන් සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳ ඉදිරියේ දි යම්කිසි සංශෝධනයක් කිරිමට පියවරගන්නා බැව් ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් පවසයි.
ඊයේ (07) ගාල්ල නුගදුවේ පිහිටි ආරාධනා ඉන්ධන පිරවුම්හලේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් සභාපතිවරයා කීවේ ඉන්ධන භාවිතය අනිවාර්යයෙන් සීමා විය යුතු බවත් ඩොලර් වැසි වැස්සත් මේ කළමනාකරණය මේ ආකාරයෙන්ම පවත්වා ගැනීම රටට වැදගත් බවත්ය.
ඔහු මෙසේ ද පැවසුවේය.
පුර්ණකාලිනව ,අර්ධකාලිනව, සහ පුද්ගලික අවශ්‍යතා සඳහා ත්‍රිරෝදරථ භාවිතාකරණ ත්‍රිරෝද රථ හිමියන් වෙන්කරගතයුතු බවට ඇමතිවරයා අපිට උපදෙස් ලබාදීලා තියෙනවා. පුර්ණකාලිනව රැකියාව වශයෙන් නිරත ත්‍රිරෝදරථ හිමියන් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කිරිමට ඉදිරියේ දි සැලසුම්කොට තියෙනවා.
ජාතික ඉන්ධන බලපත්‍රය නිසා අද ඕනැම අයෙකුට විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත ඉන්ධන ලබාගන්න පුළුවන්. ඉන්ධන අර්බුදය සම්පුරණයෙන් විසඳීමට යම්කිසි කාලයක් යාවි. ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන625ක් විතර පුච්චනවා. ස්පඤ්ඤයේ ජනාධිපතිතුමා කියනවා තෙල් පාරිභෝජනය අඩුකරන්න ඕන කියලා. බංගලිදේශයේ තෙල්මිල සියයට 50කින් වැඩිකරලා තියෙනවා. අපිට ඩොලර් වැහි වැසුනත් යම්කිසි පාලනයකින් තමයි ඉන්ධන නිකුත්කළ යුත්තේ කියලා තමයි මගේ අදහස.“ යැයිද ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සභාපතිවරයා සදහන් කළේය.







