එල්.පී.එල්. තරගාවලියේ තෙවැනි තරගය වූ දඹුල්ල වයිකින්ස් සහ මහනුවර ටස්කර්ස් අතර තරගයේදී දඹුල්ල පිලේ මලින්ද පුෂ්පකුමාර විසින් යවන ලද නිපන්දුවක් මේ වන විට දැඩි සංවාදයකට ලක් වී තිබේ.
තරගාවලියේ තීරණාත්මක අවස්ථාවක දී වැටුණු එම නිපන්දුව දඟ පන්දු යවන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ එකක් බව විචාරකයින් කීමත් සමග මේ විසංවාදය ඇති වුණේය.
සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.
එම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 195 ක් ලබා ගත්තේය. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි මහනුවර කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු හතරක පරාජයක් හිමි විය. නමුත් ඔවුහු පන්දුවාර 9යි පන්දු 4ක දී කඩුලු 3ට ලකුනු 84ක් ලබා සිටියහ.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළේ මලින්ද පුෂ්පකුමාරය. නමුත් එම ඕවරයේ අවසන් පන්දුවක් විය. එම නිපන්දුව එය දඟ පන්දු යවන්නෙකුගෙන් මෙවැනි තරගයකදී බලාපොරොත්තු විය නොහැකි එක්ක බව සජීවී විස්තර විචාරයේ දී සංවාදයට ලක් විය.
එම අවස්ථාවේ විස්තර විචාරයේ සිටි රොෂාන් අබේසිංහ කියා සිටියේ…මම පුදුම වෙනවා මේ වගේ නිපන්දුවක් යැවීම ගැන යනුවෙනි. අනෙක් විස්තර විචාරකයා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පවසා සිටියේ ඒක අපරාධයක්…දඟ පන්දු යවන්නෙක් මෙහෙමත් නිපන්දු යවනවද..? යනුවෙනි
අදාළ නිපන්දුව නියමිත නීත්‍යානුකූල රේඛාව ඉක්මවා අඩියක් පමණ ඉදිරියෙන් පතිත වීමද විශේෂත්වයකි. කළ කුසල් මෙන්ඩිස් එම නිපන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළේය.
මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් තරග 4 කදී කඩුලු 14 ක්ද ඒදින තරග දෙකකදී කඩුලු 1 ක්ද බිඳ දමා තිබේ. ඔහු පළමු පෙළ විස්සයි විස්ස තරග 43 ක් ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 68කි. මේ වන විට ඔහු 33 වන වියේ පසුවෙයි.