දිනසේන රතුගමගේ –
මුලතිව් පොලීසිය තුළ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පිපිරීමත් සමගම පොලීසිය තුළ 11 දා ගින්නක් හට ගෙන තිබේ.
ගින්න පැතිරී යාම වළක්වා එය නිවා දැමීමට මුලතිව් පොලීසියේ නිලධාරීන් සමත් වී තිබේ.
මුලතිව් පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දී පැය කීපයකට පසුව මෙම ගින්න හටගත් බවයි.
මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.