කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රෝගය බෝවීම වළක්වා ගැනීම සදහා මීටරය දුර පවත්වාගෙන යාම හේතුවෙන් දරුවන් දෙමාපියන්ගෙන් ගවු ගානක් දුරස් වීමේ අවදානමකට තවත් වසර කීපයකින් අපට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ සඳහන් කරයි.
දෙමාපිය දූ දරු සබදතාවන් ඇතිකර ගත යුත්තේ ඔවුනොවුන් ලංවීමෙන් වන අතර මේ වන විට කොවිඩ් වසංගතය එම ලංවීම මීටරය දක්වා දුරස් කීරීම අනාගතයේදී එම මීටරය ගවුවක පමණ දුරක් වැනු ඇතැයි අනුමාන කළ හැකි යැයි ඔහු පෙන්වාදේ.
දෙමාපියන්ගෙන් දරුවන් ඈත් වීම ඉතාමත් භයානක තත්වයක් බවත් මේ සඳහා පිළියම් දැන් සිටම සෙවීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය වික්‍රමසිංහ අවධාරනය කරයි
තවද පෙරපාසල තුළ දරුවන්ගේ ක්‍රියාකාරකම් උගන්වන අතර එහිදි ඔවුන් අත්වැඩ මගින් විවිධ දෑ නිර්මාණය කිරිමට පෙළඹෙන නමුත් කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන ආයතනය වසා දැමීමත් සමග දරුවන්ගේ නිර්මාණයන් බිහිවීමේ මුල් අත්තිවාරම ගොඩනගා ගැනීමට නොහැකි වී ඇතැයි මහාචාර්යවරයා පෙන්වාදේ.
මේ තත්ත්වය හේතුවෙන් අනාගතයේදී නිර්මාණශීලී හැකියාවන්ගෙන් මොටවූ දරුවන් පිරිසක් රට තුළ ගොඩනැගීය හැකි බවද මෙය රටක අනාගතයට අහිතකර ලෙස බලපානු ඇති බවද ඔහු පෙන්වාදේ.