දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ පුනරීන් මුට්කොම්පන් සින්නපල්ලවරායන් ප්‍රදේශයේ පිහිටි කුඩා යුද හමුදා කඳවුරක ඊයේ (19) ඇති වූ ගින්නක් එම කදවුරේ නිලධාරීන් විසින් සාර්ථකව මැඩ පවත්වා ගැනීම නිසා කඳවුරට හෝ කඳවුරේ වත්කම් වලට කිසිදු හානියක් සිදු නොවූ බව පුනරීන් පොලීසිය පැවසීය.
විදුලිය කාන්දු වීමක් නිසා මෙම ගින්න හට ගෙන තිබූ අතර කඳවුරේම පිරිස විසින් එම ගින්න නිවා දමා තිබේ.
එම කඳවුර පිහිටා ඇත්තේ කැළෑබද ප්‍රදේශයක බවත් ගින්න නිසා ජනතාවට කිසිදු අපහසුතාවයක් සිදු නොවූ බවත් පුනරීන් පොලීසිය ප්‍රකාශ කළේය.







