ලලිත් චාමින්ද –
ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යලි එම ශීතාගාර පුද්ගලික අංශයට ලබානොදි රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බැව් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
ගාල්ල ධීවර වරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා ඊයේ (14) මේ බව සදහන් කළේය.
“ලංකාව වටේ තිබු ශිතාගාර දාහතරම පසුගිය රජයන් මගින් පුද්ගලික අංශයට ලබා දිලා තියෙනවා.. මෙම ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු නැවත පුද්ගලික අංශයට ලබා නොදෙන්න අමාත්‍යංශය තිරණයකට ඇවිත් තියෙනවා. එම ශිතාගාර රජය සතුව තියා ගන්නවා. සහල්වල වගෙම අයිස්වලත් එකාධිකාරියක් තියෙනවා. ශිතාගාර ධීවර වරායන්වල ස්ථාපිත කරලා ධිවරයින්ට අයිස් ලබාදිම වරායන් මගින් කිරීමට කටයුතු කරනවා”
“කලින් රජයන් මගින් කරපු පව් ටික අපිට කරගහන්න වෙලා තියෙනවා.” යැයිද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.







