තම පුතුට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට චෝදනා කරමින් ඔහු මුදාහරින ලෙස ඉල්ලා ජනිත් මධුසංක හෙවත් “පොඩි ලැසී“ ගේ මව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පොඩි ලැසී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින්නේ නීති විරෝධීව බව දක්වමින් ඔහුව මුදාහරින ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන මේ තැනැත්තිය එහි වග උත්තර කරුවන් ලෙසපොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු 06 දෙනෙකු නම් කර තිබේ.
මනෝජ් මෙන්ඩිස් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සිය පුතු අත්අඩංගුවටගත් නමුත් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිමැරුම් නඩු හතක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට චෝදනා එල්ල කර ඇති බව ද පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.