දරුවන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් තිස් දහසක සංඛ්‍යාවකට මුලින්ම ෆයිසර් එන්නත ලබා දීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිර්දේශ කර තිබේ.
ඔවුන් මෙම නිර්දේශ ඉදිරිපත් කරන්නේ දරුවන් සඳහා එන්නත් ලබාදීමේ සැලසුම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නිර්දේශ ප්‍රකාරව පළමු පියවර ලෙස ඔවුන් දක්වා ඇත්තේ සැප්තැම්බර් මාසය තුළ දී අවුරුදු 12ට වැඩි විවිධ සංකූලතා ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමය.
එවැනි දරුවන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව එම සංගමය පෙන්වා දෙයි.
අදාල සැලසුමේ දෙවන පියවර ලෙස ඔක්තොම්බර් මාසය දී සාමාන්‍ය පෙළ හදාරන සිසුන් හය ලක්ෂ හතලිස් හය දහස (6,46,000) සහ උසස් පෙළ හදාරන හාරලක්ෂ විසි එක් දහසක් (4, 21,000) වූ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම ලෙස දක්වා ඇත.
එම සැලසුමට අනුව ඔක්තොම්බර මාසයේ අග දී අවුරුදු 12ට වැඩි සෙසු දරුවන් සඳහා එන්නත් කිරීම සිදු කිරීමට යෝජනා වී තිබේ.
එහෙත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මේ සම්බන්ධව යෝජනා කළේ දරුවන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය පිළිබඳ නිසි තක්සේරුවක් නොමැතිව එන්නත්කරණය සිදු කිරීම නොකළ යුතු බවය.
මෙම යෝජනාවලිය ගැන කොවිඩ් මරධන කාර්ය සාධක බලකාය පුලුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.