ශ්‍රියානි විජේසිංහ –
මෙවර පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා ලබා දී ඇති බොහෝ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් තම ආයතනවල රාජකාරියේ නියැලෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.
මෙවර පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වී ඇති ඇතැම් රාජ්‍ය නිලධාරින් මේ වන විට පැවැත්වෙන අපොස සාපෙළ විභාග රාජකාරිවල ද නිරතව ඇති බව සභාපතිවරයා පෙන්වාදේ.
මාණ්ඩලික සේවයේ රාජ්‍ය නිලධාරියෙක් නම් සේවයෙන් ඉවත් වී මැතිවරණයට තරඟ කළ යුතු බවත් මාණ්ඩලික සේවයේ නිලධාරියෙක් නොවන රාජ්‍ය සේවකයෙක් නම් සති දෙකකට පෙර වැටුප් රහිතව නිවාඩු ලබා ගත යුතු බව ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.
උතුරු මැද පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, අපේක්ෂකයින් තම රාජකාරියෙන් ඉවත් වීම තමාගේ යුතුකමක් බවද එවැනි ස්වයං විනයක් තිබිය යුතු බවය.
එවැනි කටයුතු සිදුවන ස්ථානයන් වෙතොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන්නැයිද ලේකම්වරයා ඉල්ලා සිටියි.







