බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටලන්ද වාර්තාවේ ජ.වි.පෙ ත්‍රස්තවාදී ක්‍රියා ගැන ඇසූ මාධ්‍යවේදියාට ටිල්වින් දුන් පිළිතුර… ( වීඩියෝ සහිතයි)

by editor
මාර්තු 23, 2025
in පුවත්
Tilvin
Share on FacebookShare on Twitter

88-89 වකවානුවේ සිට මේ දක්වා සිදුවූ අපරාධ කා අතින් සිදුවූවාද යන්න ගැන වාද කරනවා වඩා වැදගත් වන්නේ සියලු සිදුවීම් සම්බන්ධව නෛතික විමර්ශනයන් සිදුකිරීම බවත් සිවිල් යුද්ධයක් පැවති වකවානුවේ දී ජනතා විමුක්ති පෙරමුණ අතින් ද සිදුවිය යුතු නැති සිදුවීම් සිදුවන බව පිළිගත්තේ මීට බොහෝ කලකට පෙර බවත් ජනතා විමුක්ති පෙරම්ණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (23) ප්‍රකාශ කළේය.

එහෙත් ගැටුමක දී එම ගැටුමේ ප්‍රතිඵල ලෙස ඇතිවන අපරාධකාරී තත්ත්වය පිළිබඳ වගකීම භාරගත යුත්තේ ගැටුම ඇති කළ පාර්ශවය බවත් ලේකම්වරයා අවධාරණය කළේය.

ඔහු අද පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පිටු අංක 108 හි සමාප්ති නිරීක්ෂණ සටහනේ දක්වා ඇති ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ හා ඊට අනුබද්ධ සංවිධාන විසින් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව ද විමර්ශනයක් පවත්වනවාදැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ විමර්ශනය අදාල රනිල් වික්‍රමසිංහට පමණ ද යන්නය. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියාවලට විමර්ශන නැද්ද යන පැනය ඔහු මතු කළේය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසුවේය.

“බටලන්ද කොමිසමේ වාර්තාවේ වාඛ්‍ය  තැන් තැන්වලින් ගත්තම කාටත් ඕක පැටලෙනවා. කොමිසමේ සමස්ථ වාර්තාව කියවන්න කියන්නකො. මේ වාර්තාවෙ මුල සිට තියෙන්නේ මොකක් ද?.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දේශපාලන කළ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා අසාධාරණ විදිහට. ඒක වාර්තාවෙ තියනවා.

කළු ජූලියට සම්බන්ධයි කියලා තහනම් කළේ. නමුත් ඒක කිසිවෙක් ඔප්පු කළේ නෑ. කිසිවිටකත් ජ.වි.පේ ඒකට සම්බන්ධයි කියලා. ඒ උනත් කළු ජූලියට සම්බන්ධව අත් අඩංගුවට ගත්ත අය සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයො.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තහනම දිගටම පවත්වාගෙන ගියා. ඒ අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. මර්ධනකාරිත්වයක් ගෙනාවා. ඒ පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට ප්‍රතිචාර දක්වන්න ජනතා විමුක්ති පෙරමුණට ක්‍රමයක් නැතිව ගියා. රැස්වීම් තියන්න බෑ. පෙළපාළි යන්න බෑ. කතා කරන්න බෑ. ඒ නිසා තමයි ඒකට ප්‍රතිචාරය වෙනස් විදිහකින් එන්නේ. ඒක ඔය වාර්තාව ඇතුළෙ තියනවා.

අපි කලින්ම කියලා තිබ්බා… සිවිල් යුද්ධයක් තිබ්බා. ඒක ඇතුළෙ සිදුවිය යුතු නැති දේවල් සිද්ධ වෙලා තියනවා. ඒක අපි කිව්වා.

අපි හිතන්නේ කිසියම් ගැටුමකදි එහි වගකීම භාරගන්න ඕන වින්දිතයො නෙමෙයි. ඒ ගැටුමට පරිසරය හදපු කට්ටිය. එක්සත් ජාතික පක්ෂය තමයි මේ ගැටුම හැදුවෙ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ පක්ෂය තහනම් කළේ. එක්සත් ජාතික පක්ෂය තමයි ජනමත විචාරණ තියලා ලාම්පු කළගෙඩි සෙල්ලම තියලා ඡන්ද කල් දැම්මෙ. එක්සත් ජාතික පක්ෂය තමයි ජනතාව මර්ධනය කළේ. කම්කරුවො මැරුවේ එක්සත් ජාතික පක්ෂය. මැයි දිනය තහනම් කළේ එක්සත් ජාතික පක්ෂය. ඒ ඔක්කොම කරලා ඒකේ ප්‍රතිඵළය ලෙස පීඩාවට පත් වුන කෙනාගේ ප්‍රතිචාරය ගැන කතා කරන එක සාධාරණ නෑ.

ඒ නිසා අපි බලමු කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිචාර එක්ක පරීක්ෂණ කළාට පස්සේ මොකද වෙන්නේ කියලා.

නැවත වරක් මාධ්‍යවේදියා ඇසුවේ මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කළ අපරාධ සම්බන්ධව විමර්ශන නැති බවද යන්නය. එවිට ටිල්වින් සිල්වා දුන්නේ මෙවැනි පිළිතුරකි.

කාගෙන් සිද්ධ වුනා ද කියන එක නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. මේ සිදුවීම් සම්බන්ධ විමර්ශනය කරන එක. ඒ විමර්ශන කරන්න ඕන.

ජනතා විමුක්ති පෙරමුණ කොහෙවත් තැනක වද කඳවුරු පවත්වාගෙන ගිහින් තියනවා කියලා නෑනේ. වද කඳවුරු පවත්වාගෙන ගියෙ ඒ ගොල්ල. වදයට ලක්වුනේ අපි. හැංගිලා හිටියේ හිරගෙවල්වල ගියේ අපි. මැරුම් කෑවේ අපි.

ඒ ගොල්ල තමයි ජනතා විමුක්ති පෙරමුණ පිටින් යන්න විරුද්ධ වාදීන් ඝාතනය කළේ. මේ ඉතිහාසයම සම්බන්ධව හොයන්න ඕනකමක් තියනවා. අපි ඇවිත් මාස පහයි තවම. ලංකාවේ කුසගිනි නිවන එක කරන්න ඕන. වැටිච්ච ආර්ථිකය ගොඩගන්න ඕන. ඊට පස්සේ පහුගිය කාලය තුළ සිදුවුන හැම අපරාධයක් ගැනම විමර්ශන කරන්න ඕන.” ටිල්වින් සිල්වා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නයිට් ක්ලබ් ආරක්ෂකයින්ට පහර දුන් යෝෂිතගේ මැරයින් 03ක් හඳුනා ගනී…

Next Post

පුංචි ඡන්දයට නාම යෝජනා දුන් රජයේ සේවකයින් මැතිවරණ නීති කඩකර දිගටම රස්සාවේ වැඩ….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.