පළාත් පලන මැතිවරණයේ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඇමති ධූර ලබා නොදුනහොත් මැතිවරණ කටයුතුවලට ඍජුවම සම්බන්ධ නොවී සිටීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසක් තීරණය කර ඇත.
මොවුන් පසුගිය ආණ්ඩුව යටතේ ප්‍රබල ඇමති ධූර දැරූ අය වන අතර දැනටමත් ඔවුන්ගෙන් බහුතරය දිස්ත්‍රික් නායකයින් ලෙස කටයුතු කරමින් සිටිති.
ජනතාවට ඔවුන් අපේක්ෂා කරන කිසිවක් ලබා නොදී අඩුම තරමින් තමන්ට ඇමතිකමක්වත් නොමැතිව ප්‍රදේශය භාර දේශපාලන නායකයින් ලෙස ජනතාව අතරට යා නොහැකි බව ඇමති ධූර අපේක්ෂාවෙන් සිටින එම මන්ත්‍රීවරු කිපදෙනෙක් ලංකාසරට පැවසූහ.
මේ අතර තමන් මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව ලබන සතියේ ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවීමට ද ඔවුහු අපේක්ෂාවෙන් සිටිති







