ශ්‍රියානි විජේසිංහ –
වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන්ට ලබා දෙන එරිත්‍රොපොයිටින් ( EPO) එන්නත මාස දෙකක පමණ කාලයක සිට රෝහල්වල නොමැති වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රතු රුධිර සෛල නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය වන එරිත්‍රොපොයිටින් හෝමෝනය වකුගඩු මගින් නිෂ්පාදනය නොවන අවස්ථාවන් වලදී එම හෝමෝනය රෝගීන්ට පිටතින් එන්නතක් ලෙස ලබා දේ.
මීට අමතරව පිළිකා රෝගීන්ට ලබා දෙන රසායනික සහ විකිරණ ප්‍රතිකාරයන් හේතුවෙන් ඔවුන්ගේ සිරුරේ හිමෝග්ලොබින් ප්‍රමාණයන අඩුවන බැවින් රක්තහීනතාව ඇතිවිය හැකිබැවින් එය වලක්වා ගැනීමට මෙම එන්නත ලබා දීම අත්‍යවශ්‍ය වෙන බවද විශේෂඥවරු කියති.
මෙම එන්නතක් රුපියල් 4000ක් පමණ මිලක් වනු ඇති බැවින් එක් රෝගීයෙක්ට සතියකට මෙවැනි එන්නත් එකක් හෝ දෙකක් ලබා ගත යුතුව ඇතැයිද වාර්තාවේ.
මාස දෙකක පමණ කාලය සිට රජයේ වෛද්‍ය සැපයුම් අංශයෙ වෙබ්අඩවියේ හෝ මෙම එන්නත නොමැති බව සටහන් වෙන අතර අප මේ සම්බන්ධයෙන් රෝහල් කීපයකින්ම විමසු විට දැනගැනීමට ලැබුණේ මෙම එන්නත මාස කීපයක සිට රෝහලවල නොමැති බවයි.







