මනම්පිටිය නිමල් ජයරත්න –
මනම්පිටිය පොලිස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී.ආරියරත්න අද 09 වෙනිදා පෙරවරු 9.00 ට පමණ ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද වැඩ භාර ගත්තේය.
පොලිස් රාජකාරියේ වසර විසි හයක අත්දැකීම් සමග වැඩ බාරගත් පී.ජී.ඒ.සී.ආරියරත්න හබරණ පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාපතිවරයා ලෙසත්, වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරය ලෙසත් සේවය කර තිබේ.
ඔහු සිවලාකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, 2002 වර්ෂයේ සිට වසර කිහිපයක් අරලගංවිල පොලිස් ස්ථානයේත් රාජකාරි කර ඇත.
වැඩ භාරගැනීමේ අවස්ථාවද සෙත් පිරිත් ආශිර්වාද කිරීම සඳහා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර,මාගන්තොට ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වැඩම කළ සිටියහ.







